தமிழ்
English
Contact
Thursday 29th October 2020    
හැම ආසාදිතයෙක්ම මිනුවන්ගොඩ පොකුරට කොහොමහරි සම්බන්ධයි - පවිත්‍රා වන්නිආරච්චි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

හැම ආසාදිතයෙක්ම මිනුවන්ගොඩ පොකුරට කොහොමහරි සම්බන්ධයි – පවිත්‍රා වන්නිආරච්චි



මේ වන විට වාර්තා වී ඇති කොවිඩ් -19 නව ආසාදිතයින් අහඹු ලෙස වාර්තාවන්නන් නොවන අතර මිනුවන්ගොඩ කර්මාන්තශාලා පොකුරට යම් ආකාරයකින් සම්බන්ධ වූවන් බව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි ප්‍රකාශ කර තිබේ.

ඇය කියා සිටියේ රටේ ප්‍රදේශ කිහිපයකින් ආසාදිතයින් වාර්තා වී ඇති නමුත් සෑම ආසදිතයෙක්ම මිනුවන්ගොඩ පොකුරේ ආසාදිතයින් සමග සෘජු හෝ වක්‍ර සම්බන්ධතා ඇති බවයි.

“එම නිසා, අහඹු ලෙස සිද්ධීන් වාර්තා වන බවට වන වාර්තා සාධාරණ හා නිවැරදි නැහැ” යැයි ඇය පවසා තිබේ.