தமிழ்
English
Contact
Tuesday 25th February 2020    
හිටපු ඇමතිවරු නිල වාහන සහ නිල නිවාස බාරදී නැහැ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

හිටපු ඇමතිවරු නිල වාහන සහ නිල නිවාස බාරදී නැහැ



ඉකුත් ආණ්ඩුවේ හිටපු ඇමැතිවරුන්ගෙන් දෙදෙනෙකු හැර සෙසු පිරිස නිල නිවාස මෙතෙක් ආපසු බාරදී නැති බව වාර්තා වේ.

හිටපු කැබිනට් ඇමැතිවරුන් ,කැබිනට් නොවන ඇමැතිවරුන්, රාජ්‍ය ඇමැතිවරුන් හා නියෝජ්‍ය ඇමැතිවරුන් යන කිසිවකුත් සිය නිල නිවාස ආපසු බාර දී නැති බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පවසා තිබේ.

නිල නිවාස භාරදුන් ඇමැතිවරු දෙදෙනා වන්නේ පාඨලි චම්පික රණවක මහතා සහ රංජිත් මද්දුම බණ්ඩාර යි.

මේ අනුව හිටපු අමාත්‍යවරුන් නිල නිවාස ආපසු බාර නොදීම හේතුවෙන් අලුතින් පත්වූ ඇමැතිවරුන්ට නිල නිවාස ලබා දීමට නොහැකි වී ඇත.

මේ අතර හිටපු ඇමැතිවරුන් බොහෝ දෙනෙකු සිය නිල වාහනද මෙතෙක් බාර දී නැති බව වාර්තා වේ.