தமிழ்
English
Contact
Monday 24th June 2019    
හිටපු ජනාධිපති ජාත්‍යන්තර භාරයට දෙන්නේ නෑ - සුඩාන හමුදා පාලනය | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

හිටපු ජනාධිපති ජාත්‍යන්තර භාරයට දෙන්නේ නෑ – සුඩාන හමුදා පාලනය



යුද අපරාධවලට චෝදනා ලැබ සිටින සහ මේ වනවිට බලයෙන් පහ කරන ලද හිටපු සුඩාන ජනාධිපති ඔමාර් අල් බෂීර් කිසිදු රටකට බාර නොදෙන බව එරට නව හමුදා පාලකයෝ ප්‍රකාශ කරති. 

මේ වනවිට රැඳවුම්භාරයේ පසුවන හිටපු ජනාධිපතිවරයා ජාත්‍යන්තර අපරාධ අධිකරණයට අවශ්‍ය කර සිටින නමුත් කිසිදු රටකට ඔහු භාරදීමේ අදහසක් නැති බව සුඩානයේ නව මිලිටරි කවුන්සිලයේ දේශපාලන කමිටුවේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ඕමාර් සැනින් අල් අබ්දීන් ජනමාධ්‍ය හමුවකදී පැවැසීය. හමුදා කවුන්සිලයක් වශයෙන් රට පාලනය කරන බව සදහන් කළ ඔහු ඒම කවුන්සිලයේ තීරණ අනුව මෙම ප්‍රකාශය සිදුකර ඇත. පසුගිය කාලයේ දකුණු සුඩානය සමග යුද වැදුණු සුඩාන හමුදාවල යුද අපරාධවලට වගකිවයුතු බවය බලයෙන් පහ කළ සුඩාන ජනාධිපති ඔමාර් අල් බෂීර් වෙත ජාත්‍යන්තර අපරාධ අධිකරණය නිකුත් කර තිබෙන වරෙන්තුව සම්බන්ධයෙන් නව හමුදා පාලනය ඒසේ සිය ස්ථාවරය පළ කළේය.