தமிழ்
English
Contact
Saturday 18th August 2018    
හිටපු තමිල්නාඩු මහ ඇමති කරුණානිධි මියයයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

හිටපු තමිල්නාඩු මහ ඇමති කරුණානිධි මියයයි



තමිල්නාඩු මහ ඇමති ලෙස දිගු කලක් කටයුතු කළ මුතුවෙල් කරුණානිධි  අද සවස අභාවයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අසනීප තත්වයෙන් පෙළුනු කරුණානිධි පසුගිය කාලයේ  රෝහල් ගතව සිටි අතර අද දින චෙන්නායි හිදී අභාවයට පත්ව ඇති බව වාර්තාවේ. ඔහු මියයනවිට 94 වැනි වියේදී පසුවිය.1969 වසරේ සිට 2011 වසර දක්වා කාලය තුල අවස්ථා පහකදී තමිල්නාඩු මහඇමැතිවරයා ලෙස කටයුතු කර ඇත.

කරුණානිධි තමිල්නාඩු ප්‍රාන්තයේ පමණක් නොව ඉන්දී්‍ය මධ්‍යම රජයට විශාල බලපෑමක් කළ පුද්ගලයකු ලෙස සැලකේ. තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණවලදී 13 වරක් මහජන මන්ත්‍රීවරයකු ලෙස පත්ව ඇති අතර මේ වන විට තමිල්නාඩුවේ සිටි ජේෂ්ඨතම දේශපාලඥයින් අතරින් අයෙකි.

1949 වසරේ ආරම්භ කළ ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් පක්ෂය ආරම්භක සාමාජිකයිකුද වෙයි.

වසර ගණනාවක සිට දකුණු ඉන්දීය චිත්‍රපට කර්මාන්තයේ නියැලි ඔහු ප්‍රකට තමිල් චීත්‍රපට තිරපිටපත් රචකයකු ලෙසත් ප්‍රකටය.




Related News