தமிழ்
English
Contact
Sunday 15th December 2019    
හිටපු මාධ්‍ය ප්‍රකාශක පොලීසිය සුද්ධ කරන්න උපදෙස් දෙයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

හිටපු මාධ්‍ය ප්‍රකාශක පොලීසිය සුද්ධ කරන්න උපදෙස් දෙයි



දූෂිත බවට පොලීසියට එල්ල වන චෝදනා අහෝසි කිරීමට රථ වාහන භාර පොලිස් ස්ථානාධිපතිවරුන් පියවර ගත යුතු බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

රථ වාහන අනතුරු සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් දැනුම්වත් කිරීම සදහා මහනුවර ප්‍රදේශයේ පැවති සම්මන්ත්‍රණයක දී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

මේ අතර රට තුල සිදුවන මාර්ග අනතුරුවලින් පොලීසියට වාර්තාවන්නේ දොළහෙන් එකක් පමණක් බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසා තිබේ.

ආණ්ඩුව රථවාහන පොලීසිය පාවිච්චි කරනු ලබන්නේ රථවාහන අනතුරු පාලනයට වඩා දඩ මුදල් හරහා සල්ලි උපයා දෙන මාධ්‍යක් ලෙසයි. ඒ අතර මෙවැනි අංශවල දූෂිත බව ඉහවහා ගොස් තිබේ. දඩ අයකිරිමේදී දූෂිත ක්‍රියාකාරම්වල යෙදීමට අවශ්‍ය පහසුකම්ද ඒ සමඟම සපයා තිබේ. ඒ අනුව පොලීසියේ හිටපු මාධ්‍ය ප්‍රකාශකවරයෙක් වන අජිත් රෝහණ කියන ආකාරයට පොලිසිය තුළ පවතින දූෂිත බව යනු විසදිය හැකි ගැටළුවක් නොවේ.