தமிழ்
English
Contact
Friday 14th August 2020    
හිටපු වෘත්තිය සමිති නායකයකු වූ පෝලියර් ගුණවර්ධන සමුගනී! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

හිටපු වෘත්තිය සමිති නායකයකු වූ පෝලියර් ගුණවර්ධන සමුගනී!



දීර්ඝ කාලයක් ශ්‍රී ලංකා ජාතික ගුරු සංගමයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ වෘත්තීය සමිති නායකයෙකු වූ පෝලියර් ගුණවර්ධන අද(2) අභාවයට පත් විය.

ඔහු “ශ්‍රී ලංකා ගුරු සේවා ව්‍යවස්ථාව” සැකසීම සඳහා පුරෝගාමී කාර්යභාරයක් ඉටු කළ ජේෂ්ඨතම ගුරු නායකයෙක් වූ ඔහු මෙරට ගුරු විදුහල්පති සේවාවන් සඳහා සුවිශේෂ වැඩ කොටසක් ඉටු කර ඇත්තෙකි.

අධ්‍යාපන අයිතීන් වෙනුවෙන් සිය ජීවිත කාලය පුරා ම පෙනී සිටි, පෝලියර් ගුණවර්ධන මහතා, 1980 දශකයේ දී ශ්‍රී ලංකාවේ කොමිනියුස්ට් පක්ෂයෙන් ඉවත් ව සමාජවාදී ජනතා ව්‍යාපාරයේ, නායකයෙක් ලෙස ද, කටයුතු කළේ ය.

80 ජූලි වර්ජනය දක්වා ප්‍රබල සටන්කාමී ගුරු සංගම් සහ වෘත්තිය අරරගල මෙහෙයවූ දේ.පි සිල්වා, එල්. ආරියවංශ, එච්.එන් ප්‍රනාන්දු සහ ඒ.බී.සී ද සිල්වා වැන්නවුන් අතර පෝලියර් ගුණවර්ධනද ප්‍රකට වෘත්තිය සමිති නායකයෙකි.

අභාවයට පත්අ වෘත්තිය සමිති නායකයාගේ අවසන් කටයුතු ජනවාරි 5 ඉරිදා පස්වරුවේදී ජල්තරදී සිදුකෙරේ.