தமிழ்
English
Contact
Wednesday 20th October 2021    
හිටපු ෆේස්බුක් නිලධාරිනියක් අමෙරිකානු කොංග්‍රස් මණ්ඩලයට හෙළිදරව්වක් කරයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

හිටපු ෆේස්බුක් නිලධාරිනියක් අමෙරිකානු කොංග්‍රස් මණ්ඩලයට හෙළිදරව්වක් කරයි



ෆේස්බුක් සමාගම විසින් මියන්මාරය, ඉතියෝපියාව වැනි රටවල ප්‍රචණ්ඩත්වය උත්සන්න කිරීමේත් චීනය හා ඉරානයේ ඔත්තු බැලීමත් සිදුකළ බවට චෝදනා නැගී ඇත.

පාරිභෝගික ආරක්ෂාව සම්බන්ධ අමෙරිකා එක්සත් ජනපදයේ කොංග්‍රස් මණ්ඩල කමිටුව ඉදිරියේ සාක්ෂි දෙමින් මේ චෝදනා සිදුකරන්නේ කලක් ෆේස්බුක් සමාගමේ හිටපු නිෂ්පාදන කලමනාකාරිනියක වන ෆ්‍රාන්සස් හවුගන් විසිනි.
ඇය පවසන්නේ වසර දෙකක කාලයක් ෆේස්බුක් සමාජ ජාලයේ තමන් කළ කටයුතුවලින් ලබා ගත් අත්දැකීම් අනුව, වාර්ගික ප්‍රචණ්ඩත්වය වැනි තතව්වයන් සම්බන්ධයෙන් අද දකින් ඇතැම් ප්‍රවණතා මින් පෙර පාලනය කිරීමේ හැකියාව තිබුණු බවය. මෙම ක්‍රියාදාමය සම්බන්ධ පාලනයන් කිරීමට ෆේස්බුක් සමාගම උනන්දුවක් නොදක්වා ඇත්තේ තම ව්‍යාපාරික් ඉලක්ක වඩා වැදගත් වූ නිසා බවද අවසානයේ වාර්ගික ගැටුම්වල සිදුවන විනාශයන් සම්බන්ධ කිසිවකුට පාලනයක් කිරීමට නොහැකි වන නිසා මෙම තත්වය වඩා හොඳින් පාලනය කළ යුතු බවද ඇගේ අදහසයි.
මෙහිදී අවධානයට ලක්වන්නේ වාර්ගික ප්‍රචණ්ඩතත්වය සම්බන්ධ අදහස් ෆේස්බුක් ඔස්සේ ව්‍යාප්ත වීම ගැන තමන්ට පාලනයක් කිරීමට නොහැකි වීම සම්බන්ධයෙන් 2018 කළ අනාවරණයයි. විශේෂයෙන්ම ලංකාවේ මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවන විට ඒ සම්බන්ධ වෛරී ප්‍රචාරණයන් පාලනය කිරීමේදී අසමත්වීඹ සම්බන්ධ ෆේස්බුක් විධායකයන් සමාව ඉල්ලා සිටින ලදී.

ෆ්‍රාන්සස් හෝගන් පවසන කරුණු ප්‍රතික්ෂේප කරන ෆේස්බුක් සමාගම, තම ආයතනය ගන්නා තීන්දු සම්බන්ධයෙන් කිසිවක් කීමට ඇයට නොහැකි බවද ඇය එවැනි තීරණ ගන්නා රැස්වීම්වල නොසිටි බවද පවසයි. කෙසේවෙතත් අන්තර්ජාල කටයුතු පාලනය කිරීමේ අවශ්‍යතාව ඔවුන් පිළිගෙන ඇත.