தமிழ்
English
Contact
Tuesday 15th October 2019    
හිරුණිකා මැතිවරණ කොමිසමට පැමිණිලි කරන්න යයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

හිරුණිකා මැතිවරණ කොමිසමට පැමිණිලි කරන්න යයි!



මැතිවරණ මහලේකම් කාර්යාලය අසලදී ගෝඨාභය රාජපක්ෂගේ ආධාරකරුවන් හිරිහැර
කිරීම සම්බන්ධයෙන් තමන් මැතිවරණ කොමිසන් සභාවට සහ වැඩබලන පොලිස්පතිවරයාට පැමිණිලි කරන බව  පාර්ලිමේන්තු මන්ත්‍රීණි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසයි.

කොළඹ වෝක්ෂෝල් වීදියේ පිහිටි එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාසගේ ප්‍රධාන මෙහෙයුම් කාර්යාලයේ ඊයේ (07) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරිය මේ බව පැවැසුවාය.

නාම යෝජනා බාරදුන් එක්සත් ජාතික පෙරමුණු ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සුබ පැතීම සඳහා මැතිවරණ කොමිසන් සභාව වෙත ගිය අවස්ථාවේදී තම නිල රථය වැරදීමකින් ගෝඨාභය රාජපක්ෂගේ ආධාරකරුවන් සිටි ස්ථානයට ගමන් කළ බවත් එහිදී මහත් අවමන් සහගත අත්දැකීමකට මුහුණ දුන් බවත් ඇය සඳහන් කළාය. කාන්තාවක සහ මහජන නියෝජිතවරියක ලෙස එම ආධාරකරුවන් තමන් පිළිගත් ආකාරය සම්බන්ධයෙන් කනගාටු වන බවත් මන්ත්‍රීවරිය පැවසුවාය.

එමෙන්ම තමන් එම ස්ථානයට රැගෙන ගිය පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් විමර්ෂනයක් කරන ලෙසත් වැඩබලන පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කරන බවත් ප්‍රේමචන්ද්‍ර වැඩිදුරටත් සඳහන් කළාය.