தமிழ்
English
Contact
Sunday 31st May 2020    
හිල්මි සුපුන් පෙරේරා 'නයිස් කෑවා මතක නැතිලු' | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

හිල්මි සුපුන් පෙරේරා ‘නයිස් කෑවා මතක නැතිලු’



විප්‍රවාසිකව ‘විවර’ වෙබ් අඩවියේ මාධ්‍යවේදියකුව හිඳිමින් නිර්මාණකරනයේද නිරත වූ ලියූ හිල්මි සුපුන් පෙරේරා විසින් සිය පළමු කාව්‍ය සංග්‍රහය ‘නයිස් කෑවා මතක නැතිලු’ නමින් ජනගත කිරීමට තීරණය කර ඇත.

දෙසැම්බර් 19 වැනිදා සවස 3.30ට කොළඹ, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ පැවැත්වෙන මෙම ජනගතකිරීම අවස්ථාවේ අදහස් දැක්වීම්වලින් පුබුදු ජයගොඩ, අනිල් නිශාන්ත ලොකුගමරාල, දිලිප් කුමාර ලියනගේ එක්වෙති. ‘නයිස් කෑවා මතක නැතිලු’ කාව්‍ය සංග්‍රහයේ ජනගතකිරීම අවස්ථාව මෙහෙයවන්නේ ලක්මාල් රණබාහු විසිනි.