தமிழ்
English
Contact
Friday 14th August 2020    
හුන්නස්ගිරිය ස්මාර්ට් ෂර්ට් සේවක කප්පාදුවක් - වැටුප් කැපීම නිසා සේවකයෝ වර්ජනයක! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

හුන්නස්ගිරිය ස්මාර්ට් ෂර්ට් සේවක කප්පාදුවක් – වැටුප් කැපීම නිසා සේවකයෝ වර්ජනයක!



හුන්නස්ගිරිය ස්මාර්ට් ෂර්ට් ආයතනයේ සේවක සේවිකාවෝ අද(6) සියලු නිෂ්පාදන කටයුතු නවත්වා සාමුහික වෘත්තිය ක්‍රියාමාර්ගයකට ඒළඹුණහ.

කොරෝනා වසංගත සමයේ කම්කරු ඇමතිවරයා ඉදිරියේ වෘත්තිය සමිති නියෝජිතයන්ට හාම්පුතුන්ගේ සංගමය පොරොන්දු වූ විසඳුම වෙනුවට රටපුරා සිදුවන සේවක කප්පාදුව හා වැටුප් කප්පාදුව මෙම ආයතනයේදීද සිදුව ඇත. සේවකයන් දහසකට අධික පිරිස අතුරින් සිය ගණනක් සේවයෙන් ඉවත්කර ඇති බවත් සේවයට පැමිණෙන සේවක පිරිසට හිමිවිය යුතු වැටුප් වෙනුවට කප්පාදු කළ වැටුපක් ගෙවන බවද සේවකයෝ චෝදනා කරති. මේ වනවිට සේවක සේවිකාවන් 650ක් පමණ් ස්මාර්ට් ෂර්ට් ආයතනයේ සේවයට කැඳවා ඇති අතර ඔවුන්ට හිමිවන්නේ වැටුපෙන් කප්පාදු කළ කොටසක් බව කියති. පැමිණීමේ දීමනා ආදී කිසිදු දීමනාවක් නොමැති අතර දෛනිකව සේවය සඳහා ගෙවිය යුතු වැටුප අඩුකර විශාල සේවක පිරිසක් ගෙන ගිය සේවය අඩු පිරිසකගෙන් ලබාගනිමින් කෘර ශ්‍රම සූරාකෑමක යෙදෙන බව වාර්තා වේ.

මේ සම්බන්ධව ආයතන පරිපාලනයට ඉදිරිපත් කළ ඉල්ලීම්වලට විසඳුම් නොමැති නිසා මෙසේ වැඩ නවත්වා වෘත්තිය අරගලයකට මැදිහත්වූ බව සේවක සේවිකාවෝ පවසති. ඔවුන් මේ වනවිට සමාර්ට් ෂර්ට් ඇඟලුම් කම්හල ඉදිරිපස නිහඬ විරෝධතාවක යෙදී සිටින අතර කම්හල් පාලකයන් විසින් පොලිසිය කැඳවන්නට කටයුතු යොදා ඇත.