தமிழ்
English
Contact
Sunday 18th August 2019    
හෙද ගැටලු පිළිබද මැදිහත්වීම ඉල්ලා හෙද සේවා සකේත වර්ජනය අද සහ හෙට | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

හෙද ගැටලු පිළිබද මැදිහත්වීම ඉල්ලා හෙද සේවා සකේත වර්ජනය අද සහ හෙට



මෙරට හෙද සේවයට අදාළ වෘත්තිය ගැටළුවලට විසදුම් ඉල්ලමින් ‘රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය‘ ප‍්‍රකාශයට පත් කළ දීප ව්‍යාප්තව සංකේත වැඩවර්ජනය හේතුවෙන් දිවයින පුරා රෝහල් කටයුතු අඩාලවී ඇත.

වසර 04 ක පමණ කාලයක සිට වෘත්තිය ගැටළු සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් වෙත ඉල්ලීම් ඉදිරිපත් කළ ද මේ දක්වා ඒ සඳහා විසදුම් ලබා දී නොමැති බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය පවසයි. මෙම තත්වය සම්බන්ධව විරෝධය පළ කරමින් අද (26) සහ හෙට (27) යන දෙදින තුළ දිවයින පුරා සියළු රෝහල්වල සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කළ බව එම සංගමයේ සභාපති පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පැවසීය. එම රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය ක්‍රියාත්මක කර ඇති වැඩවර්ජනය හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ සාමාන්‍ය ප්‍රතිකාර කටයුතුවලට බලපෑම් එල්ල වී ඇති බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ පෙන්වා දෙයි.

මුරුත්තේට්ටුවේ ආනන්ද හිමි රාජපක්ෂ පාලනය වෙනුවෙන් කටයුතු කරන පක්ෂග‍්‍රාහි හිමිනමක් බවටද ඒ හිමියන්ට අයත් නාරාහේන්පිට අභයාරාමය මහින්ද රාජපක්ෂගේ දේශපාලන මධයස්ථානයක් බවද ඒ නිසා මෙම හෙද වර්ජනයට සහාය දීමෙන් වක‍්‍ර ලෙස රාජපක්ෂේ දේශපාලන අන්තේවාසියකුගේ අවශ්‍යතා ඉටුවන බවටද පවසමින් ඇතැම් හෙද හෙදියෝ මෙම වර්ජනය පිළිබද කළකිරීමට පත්ව සිටිති. තමන්ට සාධාරණ විසදුම් අවශ්‍ය ගැටලු ඇති නමුත් රාජපක්ෂ පවුල් දේශපාලනය වෙනුවෙන් වෘත්තිය අරගලවල යෙදීමේ අරමුණක් නැති බවද ඔවුහු පවසති.
මෙසේ ක්‍රියාත්මක කර ඇති වැඩවර්ජනය හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා රෝහල් වෙත පැමිණ සිටි රෝගීන් දුෂ්කරතාවට පත්ව සිටි බව රාජ්‍ය මාධ්‍ය පවසයි.