தமிழ்
English
Contact
Tuesday 3rd August 2021    
හොංකොං මර්දනය හේතුවෙන් Apple Daily ටැබ්ලොයිඩ් පුවත්පත වසා දමයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

හොංකොං මර්දනය හේතුවෙන් Apple Daily ටැබ්ලොයිඩ් පුවත්පත වසා දමයි!



චීනය විසින් පනවන ලද ජාතික ආරක්ෂක නීතියක් උල්ලංඝනය කිරීමේ චෝදනාව මත මර්දනයට ලක් වූ හොංකොං හි ‘ඇපල් ඩේලි'(Apple Daily) නමැති ටැබ්ලොයිඩ් පුවත්පත ප්‍රකාශනය නවතා තිබේ.

විසින් බ්‍රහස්පතින්දා පොලිස් වැටලීම් සහ එහි හිමිකරු සහ අනෙකුත් කාර්ය මණ්ඩලය අත්අඩංගුවට ගැනීමෙන් පසු එහි අවසන් සංස්කරණය මුද්‍රණය කරන බව නිවේදනය කර තිබේ.

කීර්තිමත් පුද්ගලයන් සම්බන්ධ ජනප්‍රිය ඕපාදූප හා බලධාරින්ගේ වංචා දූෂණ විමර්ශන සමඟ පළ වුවද ප්‍රජාතන්ත්‍රවාදී කතිකාවක් වෙනුවෙන් කටයුතු කළ බවට ප්‍රසාදයක් ලබා ඇති රැඩිකල් සති අන්ත පුවත්පතේ අවසානය, චීනය විසින් පාලනය කෙරෙන හොංකොං නගරයේ මාධ්‍ය නිදහස සහ වෙනත් අයිතිවාසිකම් පිළිබඳ තවදුරටත් අනතුරු අඟවා තිබේ.

පුවත්පතේ හිමිකරු , බිලියනපති ජිමී ලයි (Lai Chee-Ying) විවාදාත්මක ජාතික ආරක්ෂක නීතිය යටතේ පසුගිය වසරේ අගෝස්තු මාසයේදී අත්අඩංගුවට ගන්නා ලදී. 2019 වසරේ චීන විරෝධී විරෝධතා හමුවේ පනවන ලද මෙම නීතිය මගින් චීන පාලනය විවේචනය කිරීම, විරෝධතාවලට සහාය වීම මෙන්ම විදේශ සබඳතා පැවැත්වීම යන සියල්ල ‘ත්‍රස්තවාදී’ හෝ කඩාකප්පල්කාරී කටයුතු ලෙස සළකා ක්‍රියා කරමින් තිබේ.

හිමිකරුවා අත්අඩංගුවට ගැනීමෙන් පසු පොලිසිය Apple Daily පුවත්පත් මූලස්ථානය වටලා ඇති විදේශ සබඳතා මත කටයුතු කිරීමේ චෝදනාව මත සමාගම් විධායකයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන පුවත්පත් ආයතනයේ වත්කම්වලින් ඩොලර් මිලියන 2.3 ක් අත්හිටුවා තිබේ.

ඇපල් ඩේලි ප්‍රකාශයට පත් කළ නෙක්ස්ට් ඩිජිටල් ආයතනය ප්‍රකාශයක් නිකුත් කරමින් මාධ්‍යවේදීන් 600 ක් පමණ සේවය කරන පුවත්පත වසා දැමීමට තීරණය කෙරුණේ හොංකොංහි පවතින නොවැළැක්විය හැකි තත්වයන් බවද සඳහන්කර ඇත. Apple Daily සිය වෙබ් අඩවියේ යාවත්කාලීන කිරීම නවත්වන බවත් මධ්‍යම රාත්‍රියේ සිට සිය පුවත්පතේ මෙහෙයුම් නතර කරන බවත් ජූනි 24 පුවත්පතේ අවසාන ප්‍රකාශන දිනය වනු ඇති බවත් සිය වෙබ් අඩවිය මගින් නිවේදනය කළේය.

ඒ සමගම වසර 26 ක ඉමහත් ආදරය හා සහයෝගය වෙනුවෙන් සියලුම පාඨකයන්ට, ග්‍රාහකයන්ට, දැන්වීම් සේවාදායකයන්ට සහ හොංකොං වැසියන්ට ස්තූතිය පළ කරමින් සියලු දෙනා ආරක්ෂා වන ලෙස අනතුරු අඟවා තිබිණි. පුවත්පත වසා දැමීමේ මෙම තීරණය ගන්නා ලද්දේ “සේවකයින්ගේ ආරක්ෂාව සහ මිනිස්බල සලකා බැලීම් මත” බවද එහි සඳහන් ය. මේ වනවිට පුවත්පතේ සේවය කිරීම නිසා ලී පිං යන අන්වර්ථ නාමයෙන් පුවත්පතට කතුවැකි ලියූ ජ්‍යෙෂ්ඨ තීරු ලිපි රචක යූං චිං-කී අත්අඩංගුවට ගනු ලැබ තිබේ. පළමු වතාවට ප්‍රවෘත්ති වාර්තාකරුවන්ගේ සටහන් පොත්, පරිගණක සහ වෙනත් ලියකියවිලි රාජසන්තක කරන ලද බවද විදෙස් මාධ්‍ය වාර්තා අනාවරණය කරයි.

ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් හි ආසියා පැසිෆික් කලාපීය අධ්‍යක්ෂක යාමිනි මිස්රා පැවසුවේ, පුවත්පත වසා දැමීම ‘මාධ්‍ය නිදහස සඳහා අඳුරු දිනයක්’ බවය.