தமிழ்
English
Contact
Sunday 23rd February 2020    
හොරණ කැකුළලිය ඩීසල් තාප විදුලි බලාගාරයට ජනතාවගේ විරෝධය | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

හොරණ කැකුළලිය ඩීසල් තාප විදුලි බලාගාරයට ජනතාවගේ විරෝධය



හොරණ කැකුළලිය ප්‍රදේශයේ ආයෝජන මණ්ඩලය විසින් ස්ථාපනය කර ඇති ඩීසල් තාප විදුලි බලාගාරය එරෙහිව එම ප්‍රදේශයේ භික්ෂූන් සහ ජනතාව එක්ව කරන ලද උද්ඝෝෂණයෙන් පසු බලාගාරය තාවකාලිකව වසා දැමීමට බලධාරීන් පියවර ගෙන ඇත.

විකල්ප විදුලිබල අවශ්‍යතා සඳහා මීට මාස කිහිපයකට පෙර පිහිටවූ මෙම බලාගාරය හොරණ ප්‍රාදේශීය සභාව, ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මධ්‍යම පරිසර අධිකාරිය යන ආයතන කිසිවකින් වලංගු බලපත්‍ර ලබා නොගෙන ඉදිකරන ලද්දක් බව හෙළිව තිබේ.

මෙම බලාගාර භුමියේ එළිමහනේ කිසිදු ආවරණයකින් තොරව පිහිටුවා ඇති විදුලි උත්පාදක යන්ත්‍ර මගින් නිකුත්වන අධික ශබ්දය අවට ගම්මාන රැසක ජනතාවට විශාල කරදරයක් බව පවසමින් ප්‍රදේශවාසීහු විරෝධතාවයක නිරතවිය. එසේම මෙම බලාගාරයේ ඉන්ධන ගබඩාව කිසිදු ආරක්ෂාවකින් තොරව එළිමහනේ පවත්වාගෙන යන බවද ගම්වාසීහු පවසති.

ඒ අනුව අදාළ බලාගාරය නිසි ප්‍රමිතීන්ට යටත්ව ප්‍රතිසංවිධානය කරන තුරු එහි කටයුතු නැවත්වීමට බලධාරීන්න්ට තීරණය කිරීමට සිදුව තිබේ.