தமிழ்
English
Contact
Tuesday 29th November 2022    
ළහිරු වීරසේකරගේ සාක්ෂිය ගැන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ ප්‍රශ්න කරයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ළහිරු වීරසේකරගේ සාක්ෂිය ගැන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ ප්‍රශ්න කරයි!



සනත් නිශාන්ත හා මිලාන් ජයතිලක අධිකරණය හමුවට ගෙන ඒමේදී සාක්ෂි ලබාදුන් ‘වෙනසක තාරුණ්‍ය’ සංවිධානයේ ළහිරු වීරසේකර සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ විසින් ප්‍රශ්නයක් මතුකර ඇත.

අගමැති මහින්ද රාජපක්ෂ ඉවත් විය යුතු බවට අරලියගහ මන්දිරය ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කර තිබියදී එම ස්ථානයට අගමැතිවරයා විසින් සිය ආධාරකරුවන් කැඳවීම නිසා සිදු වූ ගැටුම වැළැක්වීමට පොලිසිය කටයුතුකර නැති බව අනාවරණය විය.

එසේම අරලියගහ මන්දිරයේ සිට පොලු රැගෙන පැමිණ ඉදිරිපස වූ අගමැති ඉවත් කිරීමේ ඉල්ලීම කරමින් සිටි ජනයාට පහර දුන් සහ ඉන් පසුව ජනාධිපතිවරයාට ඉවත්වන ලෙස විරෝධය පළ කරන පිරිස පහරදුන් පිරිස අතර සනත් නිශාන්ත සහ මිලාන් ජයතිලක මන්ත්‍රීවරු පැමිණියේ එම ප්‍රහාරක පිරිස සමගය. වුන් ප්‍රහාරකයන්ට උපදෙස් දෙමින් වෛරී ප්‍රකාශ කරනු සාක්ෂිකරුවන් විසින් පොලිසියට සාක්ෂි ලබාදී ඇත.

කෙසේවෙතත් ළහිරු වීරසේකර ලබාදුන් ප්‍රකාශය සම්බන්ධ අදහස් පළ කළ මහෙස්ත්‍රාත්වරයා ළහිරු වීරසේකර තම අධිකරණයේ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධ චෝදනාවට ලක් වූළුකු බවට ප්‍රකාශයක් කරමින් වෙනත් සාක්ෂි ඇත්දැයි පොලිසියෙන් විමසා තිබිණි.

පසුගිය මහින්ද රාජපක්ෂ පාලනයේදීත් යහපාලන ආණ්ඩුවේදීත් ඉන්පසුව වත්මන් ගෝඨාභය-මහින්ද පාලනයේදීත් මෙරටදී ආණ්ඩුවට එරෙහිව විරෝධතා දැක්වූවන් රැසකට චෝදනා නගමින් අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇත. ළහිරු වීරසේකර ඉන් එක් අයකු පමණි.

මෙම පසුබිම තුළ මැර ප්‍රහාරයක් සම්බන්ධව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරුන්ට චෝදනා ඉදිරිපත් කරන අධිකරණයේ විනිසුරු ලෙස තිළිණ ගමගේ මහෙස්ත්‍රාත්වරයා විසින් කළ ප්‍රකාශය ගැටලුකාරි තත්වයක් ඇතිකර ඇත. සාක්ෂිකරුවකු වෙනත් නඩුවකදී චෝදනාවට ලක් වුවද වරදකරුවකු ලෙස ඔප්පු වී නැති පසුබිමක ඔහුගේ සාක්ෂිය සම්බන්ධ විනිසුරු විසින් සැක මතුකිරීමෙන් අධිකරණයේ විනිශ්චයන් පූර්ව විනිශ්චයන් මත සිදුවනවා දැයි ප්‍රශ්නයක් මතු කළ හැකිය.