தமிழ்
English
Contact
Saturday 16th February 2019    
’ෆ්ලෝරන්ස්’ චණ්ඩ මාරුතය එ.ජනපදයේ ගිණිකොන දිග වෙරළ තීරයට කඩා වදී | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

’ෆ්ලෝරන්ස්’ චණ්ඩ මාරුතය එ.ජනපදයේ ගිණිකොන දිග වෙරළ තීරයට කඩා වදී



එ.ජනපදයේ ගිණිකොන දිග වෙරළ තීරයට ‘ෆ්ලොරන්ස්’ චණඩ මාරුතය කඩාවැදීමට නියමිත බව එරට කාලගුණ විධයා අංශ අනාවරණය කර තිබේ.

මෙම ’ෆ්ලෝරන්ස්’ චණ්ඩ මාරුතය උතුරු කැරොලිනා හා දකුණු කැරොලිනා යන ප්‍රදේශවලට හා වර්ජිනියා ප්‍රාන්තයේ වෙරළ තීරයේ ජනතාවට දැඩි අවධානම් ඇති විය හැකි බැවින් දෙලක්ෂ හතලිස් පන්දහසක් වෙනත් ස්ථාන වෙත තාවකාලිකව යැවීමට කටයුතු කරන බව වර්ජිනියා ආණ්ඩුකරවරයා මාධ්‍ය වෙත පවසා තිබේ.

දැඩි ලෙස බලපාන බවට මීට දින කිහිපයකට පෙර සිටිම එ.ජනපද කාලගුණ විද්‍යා අංශ තොරතුරු හෙළකර තිබුනි. මෙම ‘ෆ්ලෝරන්ස්’ චණ්ඩ මාරුතය පැයට සැතපුම් 130කට වැඩි වේගයකින් හමා යන බව හදුනාගෙන තිබේ.

මෙම තත්වය අනුව එය හරිකේන් කුණාටු වර්ගීකරණයට අනුව 4 වැනි කණ්ඩයට ගැනෙන බව විදෙස් මාධ්‍ය වාර්ත කර තිබුනි.

මේ වන විට එය එ.ජනපදයේ ගිණිකොන දිග ප්‍රදේශයේ වෙරළ තීරයට කඩා වැදී තිබෙන අතර දැඩි සුළං හා කණාටු සහිත වර්ෂාවෙන් දැඩි ජීවිත හානි හා දේපළ හානි ඇතිවීමේ අවධානමක් තිබේ.




Related News