தமிழ்
English
Contact
Tuesday 24th November 2020    
ෆිනෑන්ස් සමාගම් ලීසිං සමාගම් ගැන මහබැංකුවෙන් මහජනයාට අනතුරු ඇඟවීමක්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ෆිනෑන්ස් සමාගම් ලීසිං සමාගම් ගැන මහබැංකුවෙන් මහජනයාට අනතුරු ඇඟවීමක්!



මුල්‍ය සමාගම් 8ක් තැන්පත්කරුවන් වෙනුවෙන් නියමිත ආරක්ෂාව නොසළකා හැර තිබෙන බව මහබැංකුව ප්‍රසිද්ධ දැන්වීමකින් ප්‍රකාශයට පත්කර ඇත.

මේ වනවිට මහබැංකුවේ බලපත්‍රලාභී මුල්‍යායතන 39ක් අතුරින් 8ක් මෙම අවදානම් සහගත තත්වයට ඇද වැටී ඇත. ඒවා නම්, ආර්පිකෝ ෆිනෑන්ස්, ඇසෝසියේටඩ් මෝටර් ෆිනෑන්ස්, බිම්පුත් ෆිනෑන්ස්, කැන්රිච් ෆිනෑන්ස්, ලංකාවේ මර්චන්ට් බෑන්ක් ෆිනෑන්ස්, රිචඩ් පීරිස් ෆිනෑන්ස්, සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් හා යූබී ෆිෑන්ස් යන ආයතන වේ.

කැන්රිච් ෆිනෑන්ස් ලිමිටඩ් සහ සිංහපුත‍්‍ර ෆිනෑන්ස් පී එල් සී ආයතන දෙකට ශ‍්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් නව කල්බදු මූල්‍යකරණ ණය පහසුකම් සැලසීම සීමා කර ඇත. එම ආයතන විසින් අවම ප‍්‍රාග්ධන ප‍්‍රමාණාත්මකතා අවශ්‍යතාවය සපුරා නොමැති අතර එම විධානයන්ට අනුකූල වීම සඳහා මහබැංකු මුදල් මණ්ඩලයෙන් කාල දිගුවක් ලබා දී ඇත.

මේ ආකාරයට මෙරට ක්‍රියාත්මක වන, මේ වනවිට අවම ප‍්‍රාග්ධන ප‍්‍රමාණාත්මකතා අවශ්‍යතාවයට අනුකූල නොවන බලපත‍්‍රලාභී මුදල් සමාගම්වල නම් ප්‍රකාශයට පත් කිරීමට මහබැංකුව තීරණය කර ඇත්තේ ඒ ආයතන විසින් ගෙන යන මෙම අනාරක්ෂිත ක්‍රියාදාමය ඒවායේ තැන්පතුකරුවන්ට සැලකිය යුතු අවදානමක් ඇති කරන බැවිනි.
මේ අතර ‘නේෂන් ලංකා ෆිනෑන්ස් පී එල් සී’ ආයතනය විසින් අවම ප‍්‍රාග්ධන ප‍්‍රමාණාත්මකතා අවශ්‍යතාවය සපුරා නොමැතිවා පමණක් නොව, මේ දක්වා ප‍්‍රාග්ධනය වර්ධනය කිරීමේ පිළිගතහැකි සැලැස්මක් ඉදිරිපත් කර නොමැති බව මහබැංකු මුල්‍ය මණ්ඩලය මහජනයාට දැනුම් දී ඇත.

2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ මුදල් ව්‍යාපාර කටයුතු කරගෙන යාම සඳහා සිංහපුත‍්‍ර ෆිනෑන්ස් පී එල් සී වෙත නිකුත් කර ඇති බලපත‍්‍රය අවලංගු කිරීමේ දැන්වීමක් ශ‍්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් මෙම ආයතනයට නිකුත් කරනු ලැබ ඇත. කෙසේ වෙතත්, මුදල් ව්‍යාපාර පනත අනුව නියම කරන ලද කාල රාමුව තුල යෝජිත ප‍්‍රාග්ධන වර්ධනය කිරීමේ සැලස්ම ක‍්‍රියාත්මක කිරීම සඳහා ආයතනය වෙත අවස්ථාවක් ලබා දීමට මුදල් මණ්ඩලය තීරණය කර ඇත.

සාමාන්‍යයෙන් බලපත්‍රලාභී මුල්‍යායතන විසින් තැන්පතු හිමියන්ගේ ආරක්ෂාව පිණිස මහබැංකුවේ විශේෂ ආරක්ෂණ අරමුදලක් පවත්වාගෙන යායුතු අතර ඒ මුදල තීරණය කරනු ලබන්නේ පවතින මුල්‍ය වෙළඳපොළ තත්වයන් හා අදාළ මුල්‍ය සමාගමේ තත්වය සැළකිල්ලට ගනිමිනි. මේ වනවිට මහ බැංකුවේ මුල්‍ය මණ්ඩලය විසින් බලපත්‍ර ලාබී මුල්‍යායතන වෙත දැනුම් දී ඇත්තේ ‘අවම ප‍්‍රාග්ධන ප‍්‍රමාණාත්මකතා අවශ්‍යතාවය’ මත 2021 ජනවාරි මස වනවිට රුපියල් බිලියන 2.5ක තැන්පතුවක් මහබැංකුවේ පවත්වාගෙන යායුතු බවය.

එසේම මුල්‍ය ක්‍රියාදාමයේ බිඳවැටීමක් හේතුවෙන් කිසියම් මුල්‍යායතනයක් අක්‍රියවන තත්වයකදී මහබැංකුව විසින් තැන්පතු හිමියකුට ගෙවන උපරිම වන්දි මුදල වන්නේ රු. ලක්ෂ 6ක් පමණි.

මහබැංකු නිවේදනය 1

මහබැංකු නිවේදනය 2