Posted on 09.14.2018 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ප්රාදේශීය සංවර්ධන හා වනජීවි ඇමති සරත් ෆොන්සේකා විසින් හමුදාපති හා ආරක්ෂක කටයුතු පිලිබද පසුගියදා සිදුකළ ප්රකාශ පිළිබද ඊයේ(13) පැවති හදිසි කැබිනට් රැස්වීමේදී ජනාධිපති මෛත්රීපාල සිරිසේන විසින් අප්රසාදය පළ කර තිබේ.
හිටපු යුද හමුදාපතිවරයකු මෙන්ම යුද්ධයෙන් පසුව මේ වනවිට ෆීල්ඩ් මාෂල් තනතුරකට උසස් කර ඇති ෆොන්සේකා ඇමතිවරයා ආරක්ෂක තත්වය පිළිබද පළකළ විවාදාත්මක කරුනු අතර යුද හමුදාව යුද්ධයකට සූදානම් නැතිබව සහ හමුදාපතිවරයා සම්බන්ධයෙන් පුද්ගල මට්ටමේ අවලාද ප්රමාණයකි. ජනාධිපතිවරයා පවසා ඇත්තේ ආණ්ඩුවේ අැමති ධුරයක් දරමින් යුදහමුදාපතිවරයාට එරෙහිව චෝදනා එල්ල කිරීම වැරදි සහගත බවය.