Posted on 08.05.2017 by Madanayaka in විදෙස් පුවත් with 0 Comments
දුෂණ චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතනියාහුට චෝදනා එල්ලවීමෙන් පසුව නෙතනියාහුගේ කාර්ය මණ්ඩල ප්‍රධානී රජයේ සාක්ෂිකරුවක් ලෙස අගමැතිවරයාට එරෙහිව සාක්ෂිදීමට ඉදිරිපත්වෙයි.
මේ වන විට ඊශ්‍රායෙල් අගමැතිවරයාට එරෙහිව වංචා දූෂණ සම්බන්ධයෙන් එරට පොලීසිය විසින් පරීක්ෂණ අරඹා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඊශ්‍රායල් අගමැතිවරයාට එරෙහිව වංචා දූෂණ චෝදනා දෙකක් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වාගෙනයනු ලබයි.
නමුත් අගමැතිවරයා ඒ පිළිබදව පවසා ඇත්තේ සිය දේශපාලන විරුද්ධවාදීන් විසින් මෙම අසත්‍ය චෝදනා දේශපාලන පළිගැනීම් සදහා ඔහුට එරෙහිව නගා ඇති බවයි.
කෙසේ වෙතත් සිය හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානියා රජයේ සාක්ෂිකරුවකු ලෙස ඉදිරිපත්වීමෙන් පසුව ඊශ්‍රායෙල් අගමැතිවරයාට ගැටලු ගණනාවක්ට මුහුණදීමට සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දේ.