Posted on 10.14.2017 by Madanayaka in විදෙස් පුවත් with 0 Comments
යුරෝපා කොමිසමේ සභාපති ජේන් කලවුඩ් ජුන්කර් කැටලෝනියාව ස්වාධීනත්වය ප්‍රකාශයට පත්කිරීම පිළිබදව අදහස් දක්වමින් ස්පාඤ්ඤයෙන් වෙන්වීම තමන් අනුමත නොකරන බව පවසා ඇත. එසේ ස්වාධීනත්වය ප්‍රකාශ කිරීම අනුමත කළහොත් එය ආදර්ශයට ගනිමින් තවත් රටවල් එම මාර්ගයේ යනු ඇතැයි හෙතෙම අදහස් පළකර ඇත.
ඔහු එසේ අදහස් දක්වා ඇත්තේ ඊයේ ලක්සම්බර්ග් සරසවි සිසුන් හමුවේ පවත්වන ලද දේශනයකදීය. මේ වන විට මතුව ඇති ස්පාඤ්ඤ දේශපාලන අර්බුදයට මැදිහත් වන්නට තමාට හැකියාවක් නැතැයිද පවසා ඇත.
ස්පාඤ්ඤ අගමැතිවරයා විසින් තමාගෙන් කැටලෝනියාව ස්වාධීනව කටයුතු කිරීම ආරම්භ කළහොත් යුරෝපා සංගමයෙන් ඉවත් කළයුතු බවට අදහස් පළ කර ඇත. මේ පිළිබදව ජුන්කර් පවසා ඇත්තේ එය ස්පාඤ්ඤය විසින් විසදාගතයුතු ප්‍රශ්නයක් බවයි.