බෑග් 348ක අසුරන ලද කොතල හිඹටු තොගයක් අත්අඩංගුවට ගැනීමට රේගු නිලධාරීන් සමත්ව තිබේ. මෙම කොතල හිඹටු සමඟ අඩි 20 කන්ටේනරයක්ද අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් කොතල හිඹටු තොගයේ බර කිලෝග්‍රෑම් 8000ක් පමණ වන අතර එහි වටිනාකම රුපියල් ලක්ෂ 42ක් පමණ වේ. පුද්ගලයන් තිදෙනකුද සැක පිට අත්අඩංගුවට ගෙන ඇත. කුරුඳු ලෙස පෙන්වා මෙම කොතල හිඹටු තොගය ජපානයට යැවීමට සූදානම්ව සිටි බව මේ වන විට අනාවරණය වී තිබේ.

