தமிழ்
English
Contact
Saturday 28th October 2017    
චීනයේ ෂිචුආන්හි භූමිකම්පාවකින් 19 මියයති « Lanka Views | Views of the truth

චීනයේ ෂිචුආන්හි භූමිකම්පාවකින් 19 මියයති



චීනයේ ෂිචුආන් ප්‍රදේශයට බලපෑ ප්‍රබල භූමිකම්පාවකින් පුද්ගලයෝ 19 දෙනෙකු මියගොස් තවත් 247දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මියගිය පිරිස අතර එරට සංචාරය සදහා පැමිණි විදේශික සංචාරකයින් හයදෙනෙකුද වන බව වාර්තාවේ.

මෙම භූමිකම්පාවෙන් පසුව එම ප්‍රදේශයේ පුද්ගයින් පනස් දහසක් පමණ වෙනත් සථානයන් වෙත යැවීම බලධාරීන් කටයුතු කර ඇත. ඊයේ සිදුව ඇති මෙම භූමිකම්පාව රිට්ටාමාපකයේ 7.0ක් ලෙස සටහන්ව අති බව චීන භූවිද්‍යා කාර්යාංශ බලධාරීන් හෙළිකර ඇත.

මෙම භූමිකම්පාවෙන් හානියට පත් ස්ථානයන් අතර එරට ලෝක උරුමයක් ලෙස නම් කොට තිබූ ස්ථානයක්ද බව බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දේ.

2008 වසරේද මෙම ප්‍රදේශයට ප්‍රබල භූමික්ම්පාවක්ද සිදුර්‍ව අතර එම සිදුවීමෙන් පුද්ගලයෝ 87000ක් පමණ මියගිය බවවාර්තාවේ.