Posted on 09.16.2017 by Lahiru Umayangana in දේශීය පුවත් with 0 Comments
බෝගම්බර බන්ධනාගාරයේ රඳවා සිටින මරණ දණ්ඩනය නියම වූ සහ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වූ රැඳවියන් 30 දෙනෙකු ඊයේ(15) උදෑසන සිට ආරම්භ කරන ලද ආහාර වර්ජනය ගැන සෙවීම සඳහා ආණ්ඩුව මැදිහත් වීමෙන් කමිටුවක් පත්කර ඇති බව වාර්තා වේ.
රැදවියන්ගේ ඉල්ලීම් පිලිබඳ සොයා බැලීම සඳහා පත්කරන ලද ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන්ගෙන් සමන්විත වූ මෙම කමිටුව මේ අනුව මෙම ගැටළුව පිලිබඳ සොයා බලන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
සමාලෝචනය යටතේ මරණීය දණ්ඩනය නියම වූ සිරකරුවන්ට සඳහා ජීවිතාන්තය දක්වා සිරදඩුවම් සහ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියමවූන්ට වසර 20 ක සිර දඬුවමක්ද ක්‍රියාත්මක කළ හැකි ආකාරයේ ප්‍රතිපාදන තිබුණත් ඒවා සාධාරණ ලෙස ක්‍රියාත්මක නොවීමට විරෝධය දැක්වීම සහ තවත් ඉල්ලීම් කිහිපයක් වෙනුවෙන් රැඳවියන් මෙලෙස විරෝධතාවයේ නිරත වේ.
අද(16) දිනයේ මෙම ආහාර වර්ජනයට සහාය පළකරමින් වැලිකඩ බන්දනගාරයේ රැඳවියන් 150 දෙනෙකු පමණ ආහාර වර්ජනය සඳහා සම්බන්ද වී ඇති බවද වාර්තා වේ.
ජනතා ගැටළු විසඳනවා වෙනුවට ආණ්ඩුව පුරුද්දක් ලෙස ඒ පිලිබඳ සොයා බැලීමට බව පවසමින් කමිටු පත් කරමින් ගැටළු මඟහරිමින් සිටින බව පැහැදිලිව දක්නට ඇත.