தமிழ்
English
Contact
Thursday 24th August 2017    
මංගල කියූ කුමන්ත්‍රණයට මුදල් අමාත්‍යංශයේ වාහනයක් ගෙනත්! « Lanka Views | Views of the truth

මංගල කියූ කුමන්ත්‍රණයට මුදල් අමාත්‍යංශයේ වාහනයක් ගෙනත්!



වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැදවුම්කරු රයන් ජයලත් පැහැරගෙන යාමට ඊයේ විද්වත් වෘත්තිකයන්ගේ සංගමය ඉදිරිපසට ආ වෑන් රථය මංගල සමරවීරගේ මුදල් අමාත්‍යංශයට අයත් රජයේ වාහනයක් බව හෙළි වී තිබේ.

අද (21) දහවල් ශ්‍රී ලංකා ගුවන් විදුලියේ ප්‍රවෘත්ති විකාශයෙන් වාර්තා කළ ආකාරයට සුදු වෑන් මගින් ශිෂ්‍ය නායකයන් පැහැර ගැනීමට උත්සාහ කිරීම ආණ්ඩුවේ කටයුත්තක් නොව පොලීසියේ නිලධාරීන් පිරිසකගේ කුමන්ත්‍රණකාරී ක්‍රියාවක් බවත්, ඒ ගැන පරීක්ෂණයක් කරන බවත් මංගල සමරවීර අමාත්‍යවරයා පවසා ඇත. ‍

රයන් ජයලත් පැහැරගනීමට තැත් කළ සිවිල් ඇදුමින් පැමිනි WP NA 0410 අංකය දරණ නවීනතම සුදු වෑන් රථය මංගල සමරවීර වගකීම දරණ මුදල් අමාත්‍යාංශයට අයත් බව දැන් හෙලිදරව් වී තිබේ. ඒ අනුව මංගල සමරවීර කියන ආණ්ඩුව පෙරලීමේ පොලිස් කුමන්ත්‍රණයට මංගල ඇමතිවරයාත් හවුල්කාරයකු බව සැක කළ හැකිය. කෙසේවෙතත් ඇතැම් නිරික්ෂකයන් පවසන්නේ මුදල් අමාත්‍යාංශයේ වාහනයක් කිසියම් බාහිර පිරිසකගේ බාරයට ගියේ කෙසේදැයි විමර්ශනයක් කළ යුතුව ඇති බවයි. එම පිරිස පොලිසිය බව ඊයේ පොලිස් නිලධාරිව් විසින්ම පිලිගෙන ඇත. ඒ අනුව සුදුවෑන් පැහැරගැනීම්වලට පොලිසිය සම්බන්ධ බව පැහැදිලිය. මුදල් අමාත්‍යංශයේ වාහන පොලිසිය විසින් පාවිච්චි කිරීම  විශේෂ‍යෙන් පැහැරගෙනයාමකට යොදාගැනීම පිළිබද  මුදල් ඇමතිවරයා වගකිව යුතුව ඇත.