Posted on 09.13.2015 by Janaka Thushara in දේශීය පුවත් with 0 Comments
පසුගිය රාජපක්ෂ පාලන සමයේදී නීති විරෝධී සන්නද්ධ කණ්ඩායම්වලට විශාල වශයෙන් ගිනි අවි ලබා දී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද විමර්ශනවලදී අනාවරණය වී තිබේ. ටී 56 ගිනි අවි සහ පිස්තෝල විශාල ප්‍රමාණයක් මෙලෙස ලබාදී ඇත්තේ පසුගිය ආණ්ඩුවේ සහ ආරක්ෂක අංශවල ප්‍රධානීන්ගේ අනුදැනුම සහිතව බවද අනාවරණය වී තිබේ. ගිනි අවි දහසකට වැඩි ප්‍රමාණයක් මෙලෙස ලබාදී ඇති අතර ඒවා කවර කටයුත්තක් සඳහා භාවිත කරන ලද්දේද ඒවා ඔවුන්ට දුන්නේ කවර අරමුණකින්ද යන්න ගැන විමර්ශන අරඹා තිබේ.