தமிழ்
English
Contact
Tuesday 1st August 2017    
විවෘත ආර්ථිකයේ 40 සංවත්සරය අගමැති කාර්යාලයෙන් රනිල් පුම්බන වැඩක්! « Lanka Views | Views of the truth

විවෘත ආර්ථිකයේ 40 සංවත්සරය අගමැති කාර්යාලයෙන් රනිල් පුම්බන වැඩක්!




විවෘත ආර්ථිකය නමින් මෙරටට නවලිබරල් ප්‍රතිසංස්කරණ හදුන්වා දී වසර 40ක් ගතවීම සමරමින් පැවැත්වීමට නියමිත උත්සව මාලාව රනිල් වික්‍රමසිංහගේ දේශපාලන ජිවිතයේ 40 වැනි වසර සමරමින් ඔහුගේ ප්‍රතිරූපය නැංවීම පිණිස උත්සවාකාරයෙන් පැවැත්වීමට එක්සත් ජාතික පක්‍ෂය කටයුතු සූදානම් කර ඇත.

මේ සම්බන්ධව අප මින් පෙර පළ කළ ආකාරයට මහා භාණ්ඩාගාරයෙන් මුදල් ප්‍රතිපාදන ලබාගෙන වියදම් කිරීමට රජයේ අමාත්‍යංශ හා වෙනත් ආයතන ප්‍රදානින්ට නියෝග නිකුත් කර තිබුණේ අගමැති ලේකම් කාර්යාලය මගිනි. ඒ අනුව, අද (27) මහරගම තරුණ සේවා සභා පරිශ‍්‍රයේ ආරම්භ කළ ‘77 පෙරළිය‘ ප‍්‍රදර්ශණය සහ දිස්ත්‍රික් මට්ටමින් පැවැත්වෙන විවිධ උත්සව රනිල් වික්‍රමසිංහගේ දේශපාලන ප්‍රතිරූපය එසවීමේ ක්‍රියාන්තවිතයක් බවට පත්කරන්නට රාජ්‍ය අරමුදල් වැයකරමින් කටයුතු කිරීමක් බවට පත්වනු ඇත. ඒ අනුව එම උත්සව මාලාවේ ප‍්‍රධාන උළෙල අගෝස්තු 05 දින ගාළු මුවදොරදී පැවැත්වෙන සැණකෙලියක් බවට පත්වේ. ඒ හා සමාන්තරව රනිල් වික්‍රමසිංහ ඇතුලු එක්සත් ජාතික පක්ෂ නායකයන්ට හා ජනාධිපතිවරයාට සෙත්පතා ආගමික කටයුතු සංවිධානය කෙරේ. සියළු ආගමික කටයුතු දලදා මාලිගය මූලික කරගෙන රටපුරා පැවැත්වීමට එ.ජා.ප. ප්‍රාදේශීය නායකයන්ට උපදෙස් ලබා දී ඇත.