தமிழ்
English
Contact
Friday 14th August 2020    
05/2001 චක්‍රලේඛය අහෝසි කිරීමට අදාළව පරිසර ඇමතිගෙන් යෝජනාවලියක් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

05/2001 චක්‍රලේඛය අහෝසි කිරීමට අදාළව පරිසර ඇමතිගෙන් යෝජනාවලියක්



වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට රජයේ වනාන්තර ඉඩම් වර්ධනය කිරීම හා ආරක්ෂා කිරීම අදාළව නෛතික ප්‍රතිපාදන ලබාදෙන 05/2001 චක්‍රලේඛය අහෝසි කිරීම සඳහා සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන බව වාර්තා වේ.

කෙසේවෙතත් සම්බන්ධයෙන් පරිසරවේදීන්ගේ විරෝධය එල්ලවෙමින් පවතියි. මෙම චක්‍රලේඛය 2001 වසරේ පැනවීමට පෙර මෙම වනාන්තර ඉඩම් ප්‍රාදේශීය ලේකම්වරුන් සහ දිස්ත්‍රික් ලේකම්වරුන් යටතේ පැවතී ඇත. පරිසරවේදීන් පවසන්නේ රජයේ නිලධාරීන් විසින් මෙම වනාන්තර ඉඩම් අනිසි ලෙස පරිහරණය කිරීම සහ ජනතාව පදිංචි කරමින් සිටි අවධියක මෙම චක්‍රලේඛය නිකුත් කළ බවයි. මේ චක්‍රලේඛය හරහා එවැනි වනාන්තර විනාශයන් නැවතී ඇත. එහෙත් චක්‍රලේඛය අහෝසි කළහොත් හෙක්ටයාර් 500000ට ආසන්න වනාතර ඉඩම් ප්‍රමාණයක් නිදහස් වෙන බවද පරිසරවේදීන් පෙන්වා දෙයි.

කෙසේ වෙතත්, මේ පිළිබඳව විමසූ විට වනසංරක්ෂණ ජනරාල් ඩබ්ලිව්.ඒ.සී වේරගොඩ පවසා ඇත්තේ මෙම චක්‍රලේඛය ඉවත් කිරීම පිළිබඳව තවමත් සාකච්ඡා මට්ටමක පවතින බවයි. ඔහු පවසා ඇත්තේ ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් මෙම චක්‍රලේඛය ඉවත් කරන ලෙස පරිසර අමාත්‍යාංශයෙන් ඉල්ලා ඇති බවයි. කෙසේ වෙතත්, මෙම ප්‍රදේශ සංවර්ධන කටයුතු සඳහා ලබා දෙන්නේ නම් පාරිසරික හානි ඇතිවිය හැකි බවද ඔහු පවසා ඇත.

පරිසර හා වනජීවී සම්පත් අමාත්‍යාංශයේ ලේකම් ඒ. එච්. විජේසිංහ මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා ඇත්තේ මේ පිළිබඳ අදහස් දැක්වීමක් සිදුකිරීමට තවම කල් වැඩි බවයි.

කෙසේවෙතත් පසුගිය බදාදා (ජූලි 1) පැවති කැබිනට් රැස්වීමකදී මෙම චක්‍රලේඛය ඉවත්කිරීම ගැන සාකච්ඡා කෙරී තිබේ. එහිදී මතුවී ඇති කාරණය වන්නේ මෙම වනාතර ඉඩම් වන රක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පැවතීම නිසා ගොවීන්ට වගා කටයුතු හෝ වෙනත් වාණිජ කටයුතු සඳහා මෙම ඉඩම් පරිහරණය කිරීමේ ගැටලු මතුවී ඇති බවයි.

එබැවින්, මෙම ඉඩම් තාවකාලිකව වෙනත් වාණිජ කටයුතු සඳහා යොදා ගැනීමට ගොවීන්ට ඉඩ ලැබෙන ආකාරයෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට / රජයේ නියෝජිතයින්ට බලය ලබා දීමේ සැලසුමක් යෝජනා කරන ලෙස අමාත්‍ය මණ්ඩලය පරිසර හා වනජීවී අමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබේ.

කෙසේවෙතත් ඇතැම් පරිසරවේදීන් පවසන්නේ මෙම චක්‍රලේඛය නිදහස් කිරීමේ අරමුණ වන්නේ MCC ගිවිසුම හරහා පැමිණෙන කොන්දේසි ක්‍රියාත්මක කිරීම බවයි.