தமிழ்
English
Contact
Wednesday 25th November 2020    
10, 000ක බඩු මල්ලක් දෙනවා කිව්වට දීලා තියෙන්නෙ 5000ක් වත් නොවටින බඩු මල්ලක් ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

10, 000ක බඩු මල්ලක් දෙනවා කිව්වට දීලා තියෙන්නෙ 5000ක් වත් නොවටින බඩු මල්ලක් !



කොවිඩ් 19 වසංගතය හේතුවෙන් නිවාසවලම ස්වයං නිරෝධායනය වන පවුල් සඳහා රුපියල් 10,000ක් වටිනා බඩු මල්ලක් ලබාදෙන බව පැවසුවත් ජනතාවට ලබාදී ඇති බඩු මල්ල රුපියල් 5000ක් වත් නොවටිනා එකක් බව වාර්තා වේ.

බැසිල් රාජපක්ෂ සභාපතීත්වය දරන ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බළකායේ තීරණයක් ආණ්ඩුව මෙම බඩු මල්ල ලබාදෙන බව ආණ්ඩුව නිවේදනය කර තිබුණි. එහිදී ආණ්ඩුව නිවේදනය කර තිබුණේ මෙම බඩු මල්ලට එළවලු , පළතුරු සහ වියලි ආහාර අඩංගු වෙන බවයි.

නමුත් ජනතාවට ලබාදී ඇති බඩු මල්ලේ අඩංගු වන්නේ වියලි ආහාර පමණක් වන අතර මේ දිනවල බෙදා හැරීමට නිසි ක්‍රමවේදයක් නොමැති නිසා නාස්ති වෙමින් තිබෙන එළවලුවත් එහි අඩංගු නොවන බව දක්නට ලැබේ.