தமிழ்
English
Contact
Monday 22nd April 2019    
1000 අරගලය පාවාදීමෙන් පසු දිගම්බරම් 'මං සුදනා' ජවණිකාවකට අර අදී! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

1000 අරගලය පාවාදීමෙන් පසු දිගම්බරම් ‘මං සුදනා’ ජවණිකාවකට අර අදී!



වතුකම්කරු වැටුප සම්බන්ධයෙන් අගමැතිය රනිල් වික්‍රමසිංහ සමඟ පෙබරවාරි 1 වැනිදා පවත්වන සාකච්ඡාවෙන් විසදුම් නොලැබුණොත් තමන්ය ඇමති ධුරයෙන් ඉවත්වන බව කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අැමති පලනි දිගම්බරම් පවසයි.

වතු කම්කරුවන්ගේ දෛනික මූලික වැටුප රු. 1000ක් කරන බවට 2015 ජනාධිපතිවරණයේදී සහ එම වසරේ අගෝස්තු මහමැතිවරණයේදී දුන් පොරොන්දු කඩකර වසර 4ක් ඉකුත්ව ඇති අවස්ථාවේ වතු කම්කරුවෝ ‘1000 ව්‍යාපාරය’ නායකත්වයෙන් අරගලයක් ආරම්භ කළ පසුව ඇමති දිගම්බරම් මෙසේ වීර ජවණිකාවකට එළඹී ඇත. ඔහු පසුගිය කාලය පුරාම වතුකම්කරු ඡන්දයෙන් බලයට පත් වූ, කම්කරු වෘත්තිය සමිති හරහා ඡන්ද කොල්ල කෑ සහ ආණ්ඩුවලට එම ඡන්ද පාවාදුන් භූමිකාව සෙසු වතුකර දේශපාලකයන් සමත රගපෑවේ තරගයට මෙනි. එහෙත් වතු කම්කරුවෝ පාරට බැසීමෙන් මාස ගණනකට පසුව දිගම්බරම් රු. 1000 ලබා දෙන්නට බලකර බව මාධ්‍ය මගින් ප්‍රකාශ කළ අතර වඩිවේල් සුරේෂ් ද පසුගිය කාලයේ එහාට මෙහාට පිල් මාරු කළේ වතු ජනතාවගේ ඉල්ලීම් බටු කරන බව කියමිනි. කෙසේ වෙතත් හාමපුතුන්ගේ සංගමය හා සාකච්ඡා කළ වතුකරයේ දේශපාලකයන් රු. 1000 ලබාදීමට අවශ්‍ය දේශපාලන බලපෑම සිදුකළේ නැත. වතු කම්කරුවන් සටන් ක්‍රියාමාර්ගවලට යාම වලක්වා දියාරු ක්‍රියාමාර්ග ගෙන ගොස් අවසානයේ රු 700ක් දෛනික මූලික වැටුප දෙන බව කියමින් සටන පාවාදුන්හ. අරුමුගම් තොණ්ඩමන් හා වඩිවේල් සුරේෂ් යන මන්ත්‍රීවරු එම තීරණයට එකඟතාවය පළ කර පවා දුන් පසුව පලනි දෙගිම්බරම් කියා සිටියේෙ අවම වශයෙන් රුපියල් 140 ක දීමනාව හෝ යළි එක් කිරීමට කටයුතු කරන බව මිස 1000 අරගලය ජයග්‍රහණය දක්වා ක්‍රියා කරන බවක් නොවේ. ඔහු ඇමතිකම බේරාගෙන වතු කම්කරුවන්ට දිරා ගිය ලණු ගිල්ලවන්නට සූදානම්වන රංගනයක ආරම්භය මෙසේ සළකුනු කර ඇත.

අගමැති සමග සාකච්ඡා සාර්ථක නොවුන හොත් ආණ්ඩුවේ ඉන්වා ද නැද්ද යන තීරණයට එළඹෙන බව ද අනතුරුව සත්‍යග්‍රහ ව්‍යාපාරයකට එළඹෙන බවට ද අමාත්‍යවරයා මෙහිදී දියාරු ප්‍රකාශයක්  සිදුකර ඇත ඒ එකකින්වත් වතු කම්කකරු ජනයාට කිසිදු වාසියක් අත්වන්නේ නැත. ඔහු පලාත්සභා මැතිවරණය ආසන්නයේ දේශපාලන බල සූදුවේ ජවනිකාවකට සූදානම්වන බව දේශපාලන විචාරකයන්ගේ අදහසයි.