தமிழ்
English
Contact
Tuesday 25th February 2020    
1000 නුදුන්නොත් වෘත්තීය ක්‍රියාමාර්ග අරඹනවා - පහතරට වතු කම්කරුවන්ගේ සංගමය | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

1000 නුදුන්නොත් වෘත්තීය ක්‍රියාමාර්ග අරඹනවා – පහතරට වතු කම්කරුවන්ගේ සංගමය



වතු කම්කරු වැටුප පොරොන්දු වූ පරිදි රුපියල් දහස දක්වා වැඩි කිරීම මාර්තු 1 වැනිදා සිදු නොකළ හොත් එදින සිට වෘත්තීය ක‍්‍රියාමාර්ග අරඹන බව පහත රට වතු කම්කරුවන්ගේ සංගමය පවසයි.

එසේ වැටුප වැඩි කිරීමට අපොහොසත් වුවහොත් මාරාන්තික උපවාසයක් ආරම්භ කිරීමටත්, ඉදිරි මහ මැතිවරණය වර්ජනය කරන අතර විදුලි බිලගෙවීමෙන් වැළකීමට හා හාම්පුතුන්ගේ බංගලාවල සේවය කිරීමෙන් බැහැර වීමටත් මේ වනවිට වතු කම්කරුවන් තීරණය කර ඇතැයි පහත රට වතුකම්කරුවන්ගේ සංගමයේ සභාපති රුවන් ගාල්ලගේ පවසා තිබේ.

වතු කම්කරු වැටුප රුපියල් 1000 ක් දක්වා වැඩිකරන බවට පසුගිය තෛපොංගල් දා ජනාධිපතිවරයා, වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා සහ කැබිනට් ප‍්‍රකාශකයන් විසින් කළ ප‍්‍රකාශය පිළිබඳව මේ වනවිට සැක සංකා මතුවන අන්දමේ සිද්ධීන් සිදුවෙමින් පවතිතැයි ද රුවන් ගාල්ලගේ පවසා ඇත.

කැබිනට් ප‍්‍රකාශක බන්දුල ගුණවර්ධන සහ හාම්පුතුන්ගේ සම්මේලනයේ සභාපති කණිෂ්ක වීරසිංහ යන අය විසින් කර ඇති ප‍්‍රකාශ හේතුවෙන් මෙසේ වතු කම්කරුවන්ගේ බලාපොරොත්තු පිළිබඳ සැකය හා කනස්සල්ලක් මතුව පවතින්නේ යැයි ද හෙතෙම සඳහන් කර ඇත.

තේ කම්හල්කරුවන් සහ තේ ගොවියන් සනසන බවට ප‍්‍රකාශ කරන වැවිලි කර්මාන්ත ඇමැතිවරයා මෙම ගැටලූවේ දී උගුරට හොරා බෙහෙත් කන්නට සැරසෙන බවද ප‍්‍රධාන වෘත්තිය සමිති හාම්පුතුන් ගේ ඉල්ලීම මත නිහඬව සිටීම සෝචනීය තත්ත්වයකැයි ද පහත රට වතුකම්කරුවන්ගේ සංගමයේ සභාපති රුවන් ගාල්ලගේ වැඩිදුරටත් පවසා තිබේ.