Posted on 01.08.2022 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
කොළඹ නගරය ආසන්න ප්‍රදේශ වල ශිෂ්‍යයන් 5ක් ඇතුළු පුද්ගලයන් 11 දෙනකු කප්පම් ලබාගැනීම සඳහා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ අතුළු නාවික හමුදා නිලධාරීන් 14 දෙකුට එරෙහි නඩුව ලබන මාර්තු මස 04 වැනිදා කැඳවීමට තීරණය වී ඇත.
මෙම නඩුවේ විත්තිකාර හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ විසින් ඔහු විත්තිකරුවකු ලෙස නම් කිරීමට එරෙහිව ගොනු කොට ඇති අභියාචනය විභාග කොට තීන්දුවක් ලබාදෙනතුරු නඩු විභාගය කල් තබන්නැයි පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිට ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ යොහාන් අබේවික්‍රම කළ ඉල්ලීමක් පිළිගනිිමින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල එලෙස නියම කළේය.
වසන්ත කරන්නාගොඩට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ගොනුකර තිබෙන අධි චෝදනා ඉවත්කර ගැනීමට නීතිපති තීරණයක් ගෙන තිබිණි. හිටපු නාවික හමුදාපති, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ සම්බන්ධ අධිකරණයට ඉදිරිපත් කෙරුණු රහසිගත වාර්තා දෙකක් පදනම් කරගෙන ඔහුට එරෙහි අධිචෝදනා පවත්වාගෙන නොයාමට හේතු වූ කරුණු දක්වා ඇති නිසා තවදුරටත් එසේ අපරාධ චෝදනා පවත්වාගෙන යාමට තරම් සාධාරණ හේතු නැති බව ප්‍රකාශ කෙරිණි.
කෙසේවෙතත්, නීතිපතිවරයා ගත් තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා එම තරුණයන්ගේ දෙමව්පියන් ගොනු කළ රිට් පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට පසුගිය නොවැම්බර් 10 වැනිදා අභියාචනාධිකරණය තීන්දු කරණ ලදී.
කෙසේවෙතත්, නීතිපතිවරයා ගත් තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා එම තරුණයන්ගේ දෙමව්පියන් ගොනු කළ රිට් පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට පසුගිය නොවැම්බර් 10 වැනිදා අභියාචනාධිකරණය තීන්දු කරණ ලදී.