தமிழ்
English
Contact
Sunday 23rd February 2020    
11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම - කරන්නාගොඩ අධිකරණයට කැඳවයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම – කරන්නාගොඩ අධිකරණයට කැඳවයි!



පුද්ගලයන් 11 දෙනකු අතුරුදන් කිරීම සම්බන්ධයෙන් නඩුවට පෙරවාරි 24 දින පෙනී සිටින ලෙස හිටපු නාවික හමුදාපති වසනිත් කරන්නාගොඩට දන්වන ලෙස කොළඹ විශේෂ මහාධිකරණය විසින් නාවික හමුදාපති සහ පොලිස්පති වෙත දැනුම්දී තිබේ.

2008-2009 කාලය තුළ පුද්ගලයන් පැහැරගෙනයාම, වධදීම, කප්පම් ගැනීම සහ මරාදැමීමට කුමන්ත්‍රණය කිරීම යන චෝදනා මත එවකට නාවික හමුදාවේ නිලධාරින් 14 දෙනකුට නැගුණු චෝදනා කරමින් මෙම නඩුව පවරා ඇත. හිටපු නාවික හමුදාපතිවරයාට යවන ලද දැනුම්දීම් අනුව ඔහු අධිකරණයට පෙනී නොසිටීම නිසා පෙබරවාරි 24 වැනිදා ඔහු අධිකරණයට ඉදිරිපත්කරන ලෙස පොලිස්පතිවරයාටත් නාවික හමුදාපතිවරයාටත් දන්වා ඇත.

චම්පා ජානකී රාජරත්න, අමල් රණරාජා, නවරත්න මාරසිංහ යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මෙම විශේෂ නඩු විභාගය මෙහෙයවති. චෝදනා ලබා ඇති නාවික හමුදාවේ සිටි නිලධාරින් ඩී.කේ.පී. දසනායක, සම්පත් මුණසිංහ, සුමිත් රණසිංහ, ඩිලන්ක සේනාරත්න, නලින් ප්‍රසන්න වික්‍රමසූරිය, ඇන්ටන් ප්‍රනාන්දු, කිත්සිරි රාජපක්ෂ, අරුණ තුෂාර මෙන්ඩිස්, ගාමිණි කත්‍රිආරච්චි, චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි, උපුල් චාමින්ද, නන්දප්‍රිය හෙට්ටිආරච්චි, සම්පත් ජනක කුමාර සහ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ යන අය වේ.

ඔවුන්ට දණ්ඩ නීති සංග්‍රහයේ 102, 113A, 356, 338, 333, 198, 372, 32 සහ 296 වගන්තිවල එන වැරදි මත ලියොන් ස්ටැන්ලි, ජෝන් රීඩ්, ත්‍යාගරාජා ජෙගන්, රජීව් නාගානන්දන්, රාමලිංගම් තිලකේශ්වරන්, ප්‍රදීප් විශ්වනාදන්, මොහොමඩ් සාජිත්, මොහොමඩ් දිලාන්, කස්තුරිආරච්චිගේ ඇන්තනි සහ අන්වර් මුබාරක් යන අය කුමන්ත්‍රණකාරි ලෙස පැහැරගෙන යාම, රඳවා තබාගැනීම සහ මරාදැමීම සම්බන්ධයෙන් චෝදනා කරමින් නඩු පවරා ඇත.

කෙසේ වුවද එම සාපරිධි අපරාධයට ලක්වූවන්ද ඇතුළත්ව අතුරුදන්ව සිටින පුද්ගලයන් මියගියවුන් ලෙස සළකා ඔවුන්ගේ ඥාතින්ට මරණ සහතික දීමට ක්‍රියාකරන බවට ජනාධිපතිවරයා එක්සත් ජාතින්ගේ නිත්‍ය නියෝජිතවරියට දන්වා තිබුණි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, ඉහත අපරාධ සිදුවු 2008-2009 කාලයේ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ලෙස කටයුතු කළ අතර එවකට ජනාධිපති බලය හේතුවෙන් පවරාගත් ආරක්ෂක ඇමති ලෙස කටයුතු කළේ වත්මන් අගමැති මහින්ද රාජපක්ෂය.