தமிழ்
English
Contact
Saturday 18th August 2018    
විපක්ෂයට ගිය අැමතිවරු 16 දෙනා බලපොරයේ ඉදිරියට | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

විපක්ෂයට ගිය අැමතිවරු 16 දෙනා බලපොරයේ ඉදිරියට



ජාතික ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ 16 කණ්ඩායම හා ගෝඨාභය  අතර සාකච්ඡාවක් හෙට(12) දින සිදු කරන බවට මාධ්‍ය වාර්තා කොට ඇත.

තම ඉදිරි  දේශපාලන වැඩ කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම මෙම හමුවේ ප්‍රධාන අරමුණ බව ඔවුහු පවසති. මෙම අැමති කණ්ඩායම ජාතික ආණ්ඩුවෙන් ඉවත් වුනේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති අනුව වැඩ කිරීමට අපහසු බවත් නව අගමැතිවරයකු පත්කිරීම හෝ ශ්‍රිල.නි.ප.යට අාණ්ඩු බලය මාරු කිරීමේ වෙනසක් වෙනුවෙනි. ඒහෙත් දැන් ඒය වයර්ථ වූ තැන 16 කණ්ඩායම රැස්වීම් සම්මන්ත්‍රණ කැදවමින් ඉදිරි බලදේශපාලන ඉලක්ක සපුරාගැනීමේ අරමුණින් බල සූදුව සෙල්ලම් කරමින් සිටි. ඔවුන් දැන් විපක්ෂයේ හිදිමින් මහින්ද රාජපක්ෂ සමඟ එකඟතාවයක් ද තබා ගනිමින් ගෝඨාභය රාජපක්ෂ සමඟ ද යම් ඒකගතාවකට යාමට සැරසෙන බවක් පෙනෙන්නට ඇත. ඒකාබද්ධ විපක්ෂයෙන් ජනාධිපතිවරණයට එන්නේ ගෝඨාභය බව දේශපාලන වේදිකාවේ කතා බහට ලක්ව ඇත. ඒසේම ඒකාබද්ධ විපක්ෂයෙන් ජනාධිපති අපේක්ෂයාට ඒකාබද්ධ විපක්ෂය තුළ කඹ ඇඳීමක් තිබෙන බව ද වාර්තා වේ. එක් පිරිසක් අපේක්ෂකයා මහින්ද විය යුතු බව හා තව පිරිසක් ගෝඨාභය විය යුතු බව ද අදහස් පළකර අවසන්ය. තවත් පිරිසක් චමල් රාජපක්ෂගේ නමද යෝජනා කරන ලදී. මහින්දලා , ගෝඨාභයලා , රනිල්ලා , මෛත්‍රිලා , 16 කණ්ඩායම මේ අාකාරයට ඔවුන්ගේ දේශපාලන බල පොරයේ නියැලමින් සිටී . එහෙත් ජනතාවගේ ප්‍රශ්න එලෙසමය. ඒවා විසඳීමට කිසිදු දෙයක් ඔවුන් ප්‍රකාශ කරන්නේ නැත. දේශපාලඥයන් බල පොරයේ නියැලන විට පීඩිත ජනතාව ජීවන අරගලයේ නියැලති.