தமிழ்
English
Contact
Wednesday 25th November 2020    
17වන කාන් සිනමා උලෙලට 'බඹරු ඇවිත්' | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

17වන කාන් සිනමා උලෙලට ‘බඹරු ඇවිත්’



ලෝක ප්‍රකට කාන් සිනමා උලෙල තුළ ප්‍රදර්ශනයවන චිත්‍රපට අතරට 1978 තිරගත වූ ධර්මසේන පතිරාජගේ ‘බඹරු ඇවිත්’ සිනමා පටයද තෝරාගෙන ඇත.
1978 අගෝස්තු මසදී තිරගත වූ මෙම චිත්‍රපටය මෙරටදී සම්මාන රැසකට හිමිකම් කියා ඇත.

විජය, මාලනී, ජෝ, කොස්තා, කලංසූරිය, ජයසිරි වැනි පසුකාලීනව ප්‍රවීන රංගධර පිරිසකගේ රංගන දායකත්වය හිමි වූ මෙම සිනමා කෘතියේ සංගීත නිර්මාණය ප්‍රේමසිරි කේමදාස විසිනි.
70 දසකයේ තාක්ෂණය යොදාගෙන නිමවන ලද මෙම සිනමා පටය නවීන තාක්ෂණයෙන් ප්‍රතිනිර්මාණය කිරීම මගින් අනාගතය සඳහා සංරක්ෂනය කිරීම මෙහිදී සිදුවන වඩාත් අනගි කටයුත්ත බව වර්තා වේ.

සිනමා කෘතියේ ශිල්පීය දායකත්වය

නිෂ්පාදන සහාය – සුනිලා අබේසේකර, එච්. ඩී. සුනිල්
කලා අධ්‍යක්‍ෂණය -සරත්චන්ද්‍ර සමරක්කොඩි
වේශ නිරූපණය – ඊබට් විජේසිංහ
සහාය – රංජිත් මතඟවීර
නිෂ්පාදන කළමනාකාරිත්වය – පියසේන අහංගම, ඩබ්ලිව්. ජයසිරි
සහාය අධ්‍යක්‍ෂණය – ගාමිණී දෑල බණ්ඩාර, පියල් බී. හේරත්
ශබ්ද පරිපාලනය – ජෝර්ජ් මනතුංග
රසායනාගාර පාලක – ඇස්. තිරනාවුකරසු

රංගන දායකත්වය

නළු නිළියන්
විජය කුමාරණතුංග (බේබි මහත්තයා)
මාලිනී ෆොන්සේකා (හෙලන්)
අමරසිරි කලංසූරිය (සනත්)
විමල් කුමාර් ද කොස්තා (වීරසේන)
ජෝ අබේවික්‍රම (ඇන්ටන් මුදලාලි)
සිරිල් වික්‍රමගේ (සිරිල්)
රූබි ද මෙල් (සෙලෙස්තිනා)
සෝමසිරි දෙහිපිටිය (සෙබා)
එස්. එච්. ජෝතිපාල (ක්‍රිස්ටෝපර්)
දයා තෙන්නකෝන් (ෆ්‍රැන්සිස්)
පියසේන අහංගම (නාවික නිලධාරී)
දයා අල්විස් (පියතුමා)
ඩබ්ලිව්. ජයසිරි (මයිකල්)
වින්සන්ට් වාස් (ඇන්ටන්ගේ යහළුවා)
ස්වර්ණමාලි දන්තුරේ බණ්ඩාර
නීලවතුර විජේවර්ධන
එස්. ඒ. ජේමිස්