Posted on 05.22.2019 by Chandana Sirimalwatte in ක්රීඩා පුවත් with 0 Comments
ජාතික ටෙනිස් ශූරතා තරගාවලියේ වයස අවුරුදු 18න් පහළ බාලිකා අවසන් තරගයේ දී සවිනි ජයසූරිය තරගය වට 6ට 4ක් ලෙස ජය ගනු ලැබීය.
ඊයේ (21) කොළඹදී පැවැති තරගාවලියේ බාලිකා අවසන් තරගය ටෙනිස් සංගම් ක්රීඩා පිටියේදී පැවැත්වුණේ සවිනි ජයසූරිය සහ අලානා සෙනෙවිරත්න අතරයි.
මේ දිනවල පැවැත්වෙන ජාතික ටෙනිස් ශූරතා තරගාවලිය ශ්රී ලංකා ටෙනිස් සංගමය සංවිධානය කරනු ලබන අතර වයස අවුරුදු 18න් පහල බාලක අවසන් තරගය සහ විවෘත කාන්තා හා පිරිමි අවසන් තරගය එළඹෙන සිකුරාදා පැවැත්වීමට නියමිතය.