தமிழ்
English
Contact
Thursday 29th October 2020    
19ට අත උස්සපු අයටම අද එය අහෝසි කරන්න අත උස්සන්න වෙලා - ලක්ෂ්මන් කිරිඇල්ල | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

19ට අත උස්සපු අයටම අද එය අහෝසි කරන්න අත උස්සන්න වෙලා – ලක්ෂ්මන් කිරිඇල්ල



19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව අත ඒසවූ ඒක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රිවරුන්ට අද එය අහෝසි කිරීම වෙනුවෙන් අත ඒසවන්න සිදුව ඇති බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල පෙන්වා දෙයි.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ඊයේ(21) පාර්ලිමේන්තුවේදී විමසා සිටියේ පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයෙන් සම්මත වු 19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරන්නේ කුමන හේතුවක් නිසා ද? යනුවෙනි.
“එක්සත් ජනතා නිදහස් සන්ධානය මුළුමනින්ම සහයෝගය දුන්නා..මේ විදිහට සහයෝගය දීලා ඇයි මේක අහෝසි කරන්නේ..?”යනුවෙන් ඔහු පැවසීය.
කෙසේවෙතත් ඊට පිළිතුරු ලබාදෙමින් වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවසුවේ බොරු පොරොන්දු ලබා දී පසුගිය රජය 19 වන සංශෝධනය සම්මත කරගත් බවය. ඒසේම අද්භූත කොමිෂන් සභා පිහිටුවීම ඒම සංශෝධනයෙන් සිදුකර ඇති බවය.