தமிழ்
English
Contact
Sunday 15th December 2019    
19 අහෝසි කිරීම පොහොට්ටු ප්‍රතිපත්තිය නෙමෙයි - වාසුදේව නානායක්කාර | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

19 අහෝසි කිරීම පොහොට්ටු ප්‍රතිපත්තිය නෙමෙයි – වාසුදේව නානායක්කාර



19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්තියට නොවන බව රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසා ඇත.

වාසුදේව නානායක්කාර පවසා ඇත්තේ,

“අපේ පොදුජන පෙරමුණේ ප්‍රතිපත්තිය ජනාධිපති ආණ්ඩුක්‍රමයේ ඉඳලා පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයකට පරිවර්තනය වීම. එයට ගන්නා වූ එක පියවරක් වශයෙන් තමයි ඔය 19 වෙනි සංශෝධනය ගැණුනෙ. ඒනිසා අපහසුතාවයක් හා නොයෙකුත් බාධක මතුවෙන්න පුළුවන්. නමුත් මූලික ප්‍රතිපත්තිමය අරමුණ ජනාධිපති ආණ්ඩුක්‍රමයක ඉඳලා පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයකට පරිවර්තනය වීම. විධායක බලයත් පාර්ලිමේන්තුව අතටම ගැනීම.

ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගෙ අදහස් මොනවද කියලා මම දන්නෙ නෑ. ඒ පිළිබඳව සමහරවිට එතුමාගෙ අදහසත් අපෙ අදහසත් අපට එකට එකතු කරන්න පුළුවන්කමකුත් එන්න පුළුවන්. ඒවා අපි කතා කළ යුතු දේවල්.

තුනෙන් දෙකක බලයක් අපට ලබන ඡන්දෙන් පසුව ලැබෙනවා නම් පළමුවෙන්ම කරන්න ඕනෙ දේ තමයි අපේ ඡන්ද ක්‍රමය වෙනස් කිරීම. ඒක ඔක්කොටම වඩා ලොකු අවශ්‍යතාවයක්. මේ ඡන්ද ක්‍රමය තුළ මහජනයාගෙ සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය යටපත් වෙලා තියෙනවා”