தமிழ்
English
Contact
Monday 26th October 2020    
20ට එරෙහිව සමගි ජන බලවේගය නීතිමය ක්‍රියාමාර්ග ගන්න සූදානම් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

20ට එරෙහිව සමගි ජන බලවේගය නීතිමය ක්‍රියාමාර්ග ගන්න සූදානම්



19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට රජය ඉදිරිපත් කර ඇති 20 වන ව්‍යවස්ථා සංශෝධනය ඒකාධිපති පාලකයෙන් බිහි කිරීමේ පළමු පියවර බව සමගි ජන බලවේගය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පෙන්වා දෙන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ කාලය සංශෝධනය කිරීම, හදිසි පනත් ගෙන ඒම පිළිබඳ වූ විධි විධාන සංශෝධනය කිරිම වැනි යෝජනා තුළින් දිස්වනුයේ රාජ ආණ්ඩුවක මූලික ලක්ෂණ බවය.

ජනතාව ශක්තිමත් කිරිම පසෙකලා පවුලක් ශක්තිමත් කිරීම සඳහා ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට දරණ ප්‍රයත්නය මෙම යෝජනාවලිය පුරාම දක්නට ලැබෙන බව එම නිවේදනයේ සඳහන් වේ.

දශක 04කට ආසන්න කාලයක් ජනතාව තුළ නොනවතින අරගලයක ප්‍රතිඵලයක් ලෙස 2015 දී ලබාගත් ජනතා ජයග්‍රහණය ආපස්සට හැරවීමට දරණ උත්සහය ජනතාව අතර නීතිමය ක්‍රියාවලිය තුළ පරාජය කිරීමට ගත හැකි සියලුම පියවර ගන්නා බව සමගි ජන බලවේගය පවසා තිබේ.

19 වන ව්‍යවස්ථා සංශෝධන සුරක්ෂිත කිරීමටත්, එය ශක්තිමත් කිරිමටත් පියවර ගන්නා ඕනෑම කණ්ඩායමක් සමග කොන්දේසි විරහිතව එක්ව කටයුතු කරන බව ද සමගි ජන බලවේගය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.