தமிழ்
English
Contact
Thursday 29th October 2020    
20ට එරෙහි අපේ විරෝධය නොසළකා හැරලා - ජාතික නිදහස් පෙරමුණෙන් අගමැතිට ලිපියක් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

20ට එරෙහි අපේ විරෝධය නොසළකා හැරලා – ජාතික නිදහස් පෙරමුණෙන් අගමැතිට ලිපියක්



විසි වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අඩංගු කරුණු 3 ක් නැවත සංශෝධනය කළයුතු බව ජාතික නිදහස් පෙරමුණ පවසයි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වෙත ලිපියක් යොමු කරමින් ජාතික නිදහස් පෙරමුණ පෙන්වා දෙන්නේ සිය පක්ෂයේ නායක විමල් වීරවංශ විසින් අග්‍රාමාත්‍යවරයා පත් කළ කමිටුවට අදාළ කරුණු දැනුම් දී ඇති බවයි.

එහෙත් නීතිපතිවරයා විසින් රජයේ යෝජනා ලෙස අධිකරණයට ඉදිරිපත් කරන ලද යෝජනාවලිය තුළ සිය පක්ෂයේ නායකයා ඉදිරිපත් කළ සංශෝධන කිසිවක් අඩංගු නොවන බව ජාතික නිදහස් පෙරමුණ අග්‍රාමාත්‍යවරයාට දැනුම් දී තිබේ.

විසි වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇතුළත් අදාළ යෝජනාවලට ප්‍රබල මහජන විරෝධයක් ගොඩනැගී ඇති අතර එම විරෝධයන් නොසලකා කටයුතු කිරීම මගින් ආණ්ඩුවේ ජනවරමේ ආධ්‍යාත්මයට සහ ආණ්ඩුවේ ප්‍රතිරූපයට බලවත් අගතියක් සිදුවන බව ජාතික නිදහස් පෙරමුණ පවසා තිබේ.

විසි වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින වැරදි නිවැරදි කළ යුතු බව පෙන්වා දෙන ජාතික නිදහස් පෙරමුණ පවසන්නේ සිය දේශපාලන ස්ථාවරය නොසලකා කටයුතු කරන්නේ නම් එහි දේශපාලන වගකීම භාර ගැනීමට ජාතික නිදහස් පෙරමුණ කටයුතු නොකරන බවයි.