தமிழ்
English
Contact
Wednesday 25th November 2020    
20න් කරන්නෙ 19 අහෝසි කරලා 18ට ආපසු යාමක් - ගෝඨාභය රාජපක්ෂ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

20න් කරන්නෙ 19 අහෝසි කරලා 18ට ආපසු යාමක් – ගෝඨාභය රාජපක්ෂ



පාර්ලිමේන්තුවට අද (22) ඉදිරිපත් කෙරෙන 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතින් සිදුවන්නේ 19 වැනි සංශෝධනය අහෝසි කර 18 වැනි සංශෝධනයට නැවත යාම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ රාත්‍රියේ පැවැති ආණ්ඩු පක්ෂ රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.

එසේ වුවද 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයන් හඳුන්වා දෙනු ලැබූ ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර 5 කට සීමා කිරීම , දෙවතාවකට වඩා ධූරය දැරිය නොහැකි වීම සහ පාර්ලිමේන්තුවේ නිල කාලය වසර 5 කට සීමා කිරීම යන වගන්ති වෙනස් නොවන බවද ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

තමා ඉකුත් මහමැතිවරණයේදී ජනතාවට පොරොන්දු වුයේ 19 වැනි සංශෝධනය අහෝසි කරන බව යැයි පවසා ඇති ජනාධිපතිවරයා ඒ අනුව 19 වන සංශෝධනය අහෝසි කරන බවද ජනාධිපතිවරයා පවසා ඇත.

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනදීම අලුත් ව්‍යවස්ථාවක් ගෙන ඒමක් ලෙස ඇතමුන් අර්ථ දක්වා ඇතත් එවැන්නක් මෙයින් සිදු නොවන බවත් 20 වන සංශෝධනයෙන් පසුව රටට ගැළපෙන නව ව්‍යවස්ථාවක් ගෙන ඒම බවත් ජනාධිපතිවරයා සඳහන් කර ඇත

19 අහෝසි කිරීම අයවැයට පෙර සිදුකළ යුතු බවත් එසේ නොකළොත් රට ඉදිරියට ගෙන යාමට නොහැකි බවත් ජනාධිපතිවරයා සඳහන් කර ඇත.