தமிழ்
English
Contact
Thursday 29th October 2020    
20න් නිර්මාණය වෙන්නෙ විකෘති ව්‍යවස්ථාවක් - විජේදාස රාජපක්ෂ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

20න් නිර්මාණය වෙන්නෙ විකෘති ව්‍යවස්ථාවක් – විජේදාස රාජපක්ෂ



20 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා නිර්මාණය වන්නේ අනාගතයේ දී ක්‍රියාත්මක කිරීමට නොහැකි ආකාරයේ විකෘති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ පවසයි.

අද (06) කොළඹ දී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කර තිබුණි.

“රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉදිරියේ දී ක්‍රියාත්මක කර ගැනීමට බැරි විකෘති අංගවිකල ව්‍යවස්ථාවක් බවට පත්වෙන සංශෝධනයක් තමයි 20 සංශෝධනයෙන් ඉදිරිපත් කරලා තියෙන්නේ. මේ 20 සංශෝධනය සම්මත වුණොත් වත්මන් ජනාධිපතිවරයාට ඉදිරි අවුරුදු 2ක 3ක කාලය තුළ “ජනාධිපතිධූරය නැමති බලවත් අසිපත මුවහත් කිරීම තමයි කරන්න සිද්ධ වෙන්නේ. හැබැයි ඒ මුවහත් කරපු අසිපත ඔහුගෙන් පස්සේ, පත්වෙන ජනාධිපතිවරයාගේ අතට පත් වුණාට පස්සේ, ඒ අසිපතෙන්ම තමයි වර්ථමාන ජනාධිපතිතුමන්ගේ ගෙළ සිඳලන්නේ කියන එක තාම අපේ ආණ්ඩුව තේරුම් අරගෙන නෑ.“