தமிழ்
English
Contact
Saturday 15th May 2021    
20වන සංශෝධනය අධ්‍යනයට පත්කළ කමිටුවේ වාර්තාව මහින්දට බාර දෙයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

20වන සංශෝධනය අධ්‍යනයට පත්කළ කමිටුවේ වාර්තාව මහින්දට බාර දෙයි



20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව සොයාබැලීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් පත්කළ කමිටුවේ නිගමන අද (15) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වෙත භාරදී තිබේ.

එම කමිටු වාර්තාව හෙට (16) දිනයේ අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව සොයා බැලීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් පත්කළ කමිටුව ඊයේ (14) සවස රැස්වී සාකච්ඡා කිරීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් උදය ගම්මන්පිල පැවසුවේ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ දැනට ගැසට් මගින් ප්‍රසිද්ධ කර ඇති ලේඛනයේ වෙනස් විය යුතු කරුණු පිළිබඳ යම් නිර්දේශ හඳුනාගෙන ඒවා ලිඛිතව සකස් කරන බවයි.

ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය උදය ගම්මන්පිල මේ බව සඳහන් කරන ලදී.

“දැනට ගැසට් මගින් ප්‍රසිද්ධ කර ඇති ලේඛනයට වෙනස් විය යුතු කාරණා පිළිබඳව අපි යම් යම් නිර්දේශ හඳුනාගත්තා ඒවා ලිඛිතව සකස් කරනවා, අවසාන වශයෙන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සාමුහිකව තීන්දු කළ යුතුයි වෙනස් කිරීම්වලට භාජනය කරනවාද නැද්ද යන්න,“