Posted on 09.12.2020 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
යෝජිත 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් විශේෂඥ කමිටුවක් පත්කර තිබේ.
ජනාධිපති නීතිඥ නිහාල් ජයමාන්නගේ සභාපතිත්වයෙන් යුත් එම කමිටුවේ ජනාධිපති නීතිඥවරුන් 13 දෙනෙකු සහ තවත් නීතිඥවරුන් දෙදෙනෙකු සාමාජිකත්වය දරන බව එම සංගමය පැවසීය.
අදාළ කමිටුව විසින් විධායක කමිටුව සහ නීති කවුන්සිලය විසින් ඉදිරිපත් කරනු ලබන අදහස් සැළකිල්ලට ගැනීමට නියමිතය.
යුක්තිය පසිඳලීමට බලපාන නීති ප්‍රමාදයන් සහ වෙනත් ආශ්රිත කරුණු විසඳීම සඳහා තවදුරටත් සංශෝධනය කිරීමේ අවශ්‍යතාවය පිළිබඳ සලකා බැලිය යුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බොහෝ අංශ පිළිබඳව කමිටුව මගින් අවධානය යොමු කරනු ඇති බව සඳහන් වේ.