தமிழ்
English
Contact
Saturday 25th September 2021    
20 ගැන අධ්‍යනයට මහින්දගෙනුත් කමිටුවක් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

20 ගැන අධ්‍යනයට මහින්දගෙනුත් කමිටුවක්



20 වැනි ආාණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශොධන කෙටුම්පත පිළිබඳ යළි සළකා බැලීමට අගමැති මහින්ද රාජපක්ෂ විසින් සය පුද්ගල කමිටුවක් පත්කර ඇති බව පැවසේ.

අමාත්‍යවරුන් වන ජී.එල්. පීරිස්, නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, අලි සබ්‍රි හා පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් දොළවත්ත යන අය මෙම කමිටුවට පත්ව සිටින බවද වාර්තා වේ.

19 වැනි සංශෝධනයෙන් ඉදිරිපත්ව තිබෙන සාධනීය කරුණු හා දැනට ඉදිරිපත් කර තිබෙන 20 වැනි සංශෝධනයේ ඇතුළත් කරුණු තවදුරටත් විමර්ශනය කිරීම මෙම කමිටුවේ මූලික කාර්යභාරය වෙයි.

මේ අතර පත්කර ඇති කමිටුවට අදාල කරුණු අධ්‍යනය කර නිර්දේශ ලබාදීමට අවම වශයෙන් සති දෙකක කාලයක්වත් ගතවනු ඇතැයි වාර්තා වෙයි.

මේ අතර 20 වැනි සංශෝධන කෙටුම්පතේ ඇති වැරිදි අඩුපාඩු හා නිවැරදි විය යුතු තැන් පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේදී අදහස් පළ කර පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් දොළවත්තගෙන් නිදහසට කරුණු විමසා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඔහුට ලිපියක් යවා ඇති බවද වාර්තා වේ.