தமிழ்
English
Contact
Thursday 29th October 2020    
20 ගැන ආණ්ඩුව තුළ ඇතිව තිබෙන මතබේදය අධ්‍යයනයට කමිටුවක් පත්කිරීම හරහා පේනවා - විජිත හේරත් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

20 ගැන ආණ්ඩුව තුළ ඇතිව තිබෙන මතබේදය අධ්‍යයනයට කමිටුවක් පත්කිරීම හරහා පේනවා – විජිත හේරත්



වැඩිකල් යාමට මත්තෙන් 20 සශෝධනයේ ප්‍රතිවිපාක විදීමට සිදුවෙනු ඇති බවත් ඊට පෙර එය පරාජය කිරීමට ඉදිරිපත්වන ලෙස ජනතා විමුක්ති පෙරමුණ ඊයේ රජයෙන් සහ විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා තිබේ.

ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ, කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් ජනාධිපතිවරයා ඉදිරියේ අසරණ වී ඇති බවත්, 20 පිළිබඳව අධ්‍යයනය කිරීමට කාලයක් නොමැතිව එය අනුමත කිරීමට බලකෙරී ඇති බවත්ය.

“20 ඒ සම්බන්ධයෙන් රජය තුළ ගැටලුවක් පවතින බව පේනවා. එය අධ්‍යයනය කිරීම සඳහා කමිටු පත් කරනු ලබන්නේ ඒ නිසයි. කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද 20 වැනි සංශෝධනය අධ්‍යයනය කිරීම සඳහා කමිටු පත් කිරීමෙන් රජය තුළ ඇති වී තිබෙන භේදය පැහැදිලිව පෙන්නුම් කරනවා. කැබිනට් මණ්ඩලයේ ඇමතිවරු එය අධ්‍යයනය නොකර අනුමත කරලා තියෙන්නෙ. ඔවුන් එහෙම කරලා තියෙන්නෙ ජනාධිපතිවරයාට ඇති බිය නිසා . මෙය ප්‍රජාතන්ත්‍රවාදය නොවේ. ප්‍රජාතන්ත්‍රවාදය තිබුණා නම්, 20 ඒ ඉදිරිපත් කළ දිනයේම එය අනුමත කිරීමට ඇමතිවරුන්ට බල කෙරෙන්නේ නැහැ. සාමාන්‍ය සිරිත වන්නේ ඇමතිවරුන්ට කැබිනට් පත්‍රිකාවක් සතියක් අධ්‍යයනය කිරීමට ඉඩ දීමයි. මෙම අවස්ථාවේ දී, එදිනම එය අනුමත කිරීමට ඔවුන්ට බල කෙරුණා ”ඔහු පැවසීය.

20 ඒ හි ප්‍රතිවිපාක පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ විසින් සම්මන්ත්‍රණයක් සංවිධානය කරන බවත්, ඊට එරෙහිව පාර්ලිමේන්තුවේදී ඡන්දය ප්‍රකාශ කරන බවත් විජිත හේරත් පවසා තිබේ.