Posted on 09.16.2020 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසම ඇතුළු ස්වාධීන කොමිෂන් සභාවලට දැඩි අහිතකර බලපෑම් එල්ල වන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිෂෙල් බැෂලේ පවසයි.
ඇය මේ බව පවසා ඇත්තේ එම කොමිසමේ 45 වැනි සැසිවාරය අමතමිනි.
එහිදී ඇය පැවසුවේ, ” ශ්‍රී ලංකාවේ නව ආණ්ඩුව වේගයෙන් මානව හිමිකම් කවුන්සිලයේ වගකීම්වලින් බැහැර වෙමින් පවතින අතර ඔවුන් 30/1 යෝජනාවට සම අනුග්‍රහය දැක්වීමෙන්ද ඉවත් වුණා. යෝජනාවී ඇති 20 වන ව්‍යවස්ථා සංශෝධනයත් මානව හිමිකම් කොමිෂන් සභාව වැනි ආයතනවල ස්වාධීනත්වයට සෘණාත්මක ලෙස බලපාන්න පුළුවන්. අනීතික ඝාතනවලට සම්බන්ධ වු හමුදා සෙබලෙකුට මාර්තු මාසයේදී ජනාධිපති සමාව හිමිවුණා. වැදගත් සිවිල් තනතුරුවලට යුද අපරාධ සහ මානුෂීයත්වයට එරෙහි අපරාධවලට සම්බන්ධ වු බවට චෝදනා ලබාසිටි හමුදා නිලධාරින් පත්කර තිබෙනවා. මම කවුන්සිලයෙන් ඉල්ලා සිටිනවා ශ්‍රී ලංකාව කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන ලෙස, සාමයට සහ ප්‍රතිසංවිධානයට එල්ල වී ඇති තර්ජන වළක්වාගැනීම සඳහා.”