தமிழ்
English
Contact
Wednesday 25th November 2020    
20 වන ව්‍යවස්ථා සංශෝධනයේ දෙවනවර කියවීමෙන් ආණ්ඩුවට ජය! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

20 වන ව්‍යවස්ථා සංශෝධනයේ දෙවනවර කියවීමෙන් ආණ්ඩුවට ජය!



20 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ දෙවනවර කියැවීමේ ඡන්දය අවසන් වූ අතර සංශෝධනයට පක්ෂව 156ක් ලැබී ඇත. විරුද්ධව 65යි. භාවිත නොකළ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු වේ.

පාර්ලිමේන්තුවේ සහභාගිත්වය 223ක් ලෙස කථානායකවරයා ප්‍රකාශ කළ අතර ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටි මන්ත්‍රිවරු දෙදෙනකු වාර්තා විය.
නිල නොවන ආරංචි මාර්ග අනුව අනාවරණය වන්නේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සභා ගැබේ සිටියේ නැති බවය. පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ ඇතුළු සමගි ජන බලවේගයට සහය පළ කරන දේශපාලන පක්ෂ කිහිපයක මන්ත්‍රීවරු පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ.
ඡන්දය විමසීමෙන් පසුව කාරක සභා අවස්ථාව එළඹ තිබෙන අතර අද(22) රාත්‍රි කාරක සභා අවස්ථාව අවසානයේ තුන්වන ඡන්ද විමසීම සිදු කිරීමට නියමිතය.