தமிழ்
English
Contact
Thursday 29th October 2020    
20 වන සංශෝධනයේ වගකීම ජනාධිපතියි ඇමතිවරුයි භාරගන්නවා - කෙහෙලිය රඹුක්වැල්ල | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

20 වන සංශෝධනයේ වගකීම ජනාධිපතියි ඇමතිවරුයි භාරගන්නවා – කෙහෙලිය රඹුක්වැල්ල



මේ වනවිට කර්තෘවරයෙක් නැති 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ වගකීම භාරගන්නේ ජනාධිපති ගෝඨාභය ඇතුළු කැබිනට් මණ්ඩලය බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල පවසයි.

ආණ්ඩුවේ අවශ්‍යතා අනුව, අධිකරණ ඇමති අලි සබ්රි විසින් 20 වන සංශෝධන කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්කර මේ වනවිට ගැසට් මගින් ප්‍රකාශයට පත්කර ඇති මෙම කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත්කිරීමට නියමිතය.
කෙසේවෙතත් මෙම කෙටුම්පතේ ඇති යෝජනා හරහා ඒ්කාධිපති බලතල ජනාධිපතිවරයාට ලබාදීමට නියමිත බවට කෙරෙන විවේචන හමුවේ එම කෙටුම්පත සකස් කළ වගකීම භාරගන්නට කිසිවකු ඉදිරිපත්ව නැත. මෙම පසුබිම තුළ ඒම කෙටුම්පතෙහි වගකීඹ ජනාධිපති හා ඇමතිවරු භාරගන්නට සූදානම් බව කෙහෙලිය ඇමතිවරයා පවසා ඇත.