தமிழ்
English
Contact
Thursday 29th October 2020    
20 වැනි සංශෝධනයට අමරපුර-රාමඤ්ඤ නිකායික භික්ෂු විරෝධය! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

20 වැනි සංශෝධනයට අමරපුර-රාමඤ්ඤ නිකායික භික්ෂු විරෝධය!



20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කිසිසේත් සම්මත කළ යුතු නොවන සංශෝධනයක් බවට ආණ්ඩුව වෙත විරෝධය පළ කිරීමට අමරපුර හා රාමඤ්ඥ යන නිකාය දෙකෙහි සංඝ සභා විසින් තීරණය කර තිබේ.

මෙම යෝජිත ව්‍යවස්ථා සංශෝධනය මගින් මිනිස් චින්තනයේ නිදහස සහ ක්‍රියාකාරීත්වය බරපතළ ලෙස අවුරන බව එහිදී අවධාරනයකර තිබේ. එසේම, මෙම සංශෝධනයෙන් රට නොදියුණු ගෝත්‍රික සමාජයකට ආපසු ගමන් කරන බව පෙනී යන බැවින් එය සම්මත නොකරන ලෙස ආණ්ඩුවට අවධාරණය කිරීමට ශ්‍රී ලංකා අමරපුර, රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාව තීරණය කර තිබේ.

මෙම නිකාය දෙකෙහි මහා ලේඛකාධිකාරී හිමිවරුන් රැස්වී ගනු ලැබු තීරණය දැනුම් දුන්නේ අද සවස පැවති මාධ්‍ය හමුවේදී ය.