தமிழ்
English
Contact
Thursday 29th October 2020    
(Exclusive) 20 වැනි සංශෝධනය ගැන සාකච්ඡාවේදී ආණ්ඩු පක්ෂ නායකයන්ට කතා කිරීමට ජනාධිපතිගෙන් බාධා! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

(Exclusive) 20 වැනි සංශෝධනය ගැන සාකච්ඡාවේදී ආණ්ඩු පක්ෂ නායකයන්ට කතා කිරීමට ජනාධිපතිගෙන් බාධා!



ඊෙය් (9) අරලියගහ මන්දිරයේ පැවති ආණ්ඩු පක්ෂෙය් රැස්වීමේදී සිදුව අැති කලබලය සම්බන්ධව අැතැම් මාධ්‍ය විසින් ෙතාරතුරු අනාවරණයකර තිබුණද ඒ් සම්බන්ධ සම්පූර්ණ විස්තර පළ කිරීමට මාධ්‍ය අායතනවලට බාධා පමුණුවා අැත.

ෙකෙස්ෙවතත් විශ්වාසදායක අාරංචි මාර්ග අනුවල පැය 2කට මක් වැඩි කාලයක් පැවති රැස්වීමේදී ආණ්ඩුවේම පක්ෂ නායකයන්ට අදහස් පළ කිරීමට බාධා කරමින් ජනාධිපතිවරයා දිගටම අදහස් දක්වා අැත. පක්ෂ නායකයන්ෙග් විෙරා්ධය ඊට ඒල්ල වී අැති අතර ජනාධිපතිවරයා ඊට මුහුණ දී අැත්ෙත් තමන්ට ලක්ෂ 69ක් ඡන්දය දී අැති නිසා කිසිවකුට ඊට ඉහළින් කටයුතු කළ ෙනාහැකි බව පවසමිනි.

රැස්වීම අාරම්භෙය්දී 20 වන සංෙශා්ධනය සම්බන්ධ ජනාධිපතිවරයා විසින් කරුණු දක්වා ඇත. ඒ අවස්ථාවේදී ජනාධිපතිවරයාට පොලිස්පති හෝ නීතිපතිවත් ඉවත් කිරිමට බලයක් නොමැති වී තිබෙන්නේ 19 වැනි සංශෝධනය නිසා බව පවසමින් 20 වැනි සංශෝධන යෝජනාවට පක්ෂව ජී.එල්.පීරිස් කතා කර තිබේ. එහිදී අධිකරණ ඇමති අලි සබ්‍රි කරුණු දක්වමින් සංවර්ධනය වන රටකට විගණන කොමිෂන් අවශ්‍ය නැති බවද මැලේසියාව වැනි රටවල් දියුණු කිරීමේදී විගණනය වැනි කරුනු ගැන වැදගත්කමක් සැළකුවේ නැති බවද පවසා ඇත. එහිදී ගෙවිදු කුමාරතුංග නැගී සිට මහ හඬින් සිය අදහස් පළ කිරීමත් සමග ජනාධිපතිවරයා නැගිට ඔහුට නිහඬවන ලෙස පවසා ඇත. කෙසේවෙතත් ගෙවිදු කුමාරතුංග දිගින් දිගටම අදහස් පළකරන විට ජනාධිපතිවරයා තදින් පවසා ඇත්තේ කතාව නවතන ලෙසයි. මේ අවස්ථාවේ ගෙවිදු කුමාරතුංග ආවේගයෙන් පවසා ඇත්තේ ‘ඔබතුමා බලයට පත් කරන් වැඩ කළේ අපි‘ යනුවෙනි. එසේම ‘ඇයි අපට කතාකරන්නවත් ඉඩ නොදෙන්නේ?’ යනුවෙන් ගෙවිදු ජනාධිපතිවරයාට දෝෂාරෝපණයක් එල්ලකර ඇත. මෙහිදී විමල්වීරවංශ නැගී සිට ‘අපිට කතාකරන්නවත් ඉඩක් නැත්නම්, ඇයි මෙහෙම රැස්වීමකට එන්න කිව්වේ?’ යැයි ප‍්‍රශ්න කරමින් විමල් අදහස් පළ කිරීමට පටන්ගෙන තිබේ. එහිදී ජනාධිපතිවරයා නැවතත් බාධා කරමින් විමල්ගේ කතාව නවත්වන ලෙස මේසයට තදින් පහර ෙදමින් පවසා තිබේ. ජනාධිපති ලෙස තමන් ලක්ෂ 69ක ඡන්දය හිමිකරගෙන ඇති බවද ඊට ඉහළින් යන්න කිසිවකුට ඉඩක් නැති බවද ජනාධිපතිවරයා දැඩි ලෙස තර්ජනාත්මක ප්‍රකාශයක් මෙහිදී සිදුකර ඇත. එහිදී පක්ෂ නායකයන් විසින් එම තත්වය හමුවේ තමන් රැස්වීමේ සිටිනවාදැයි එකිනෙකගෙන් විමසා තිබේ. මේ දක්වා කිසිවක් නොකියා නිහඩව සිටි අගමැති මහින්ද රාජපක්ෂ එහිදී පළමුවරට අදහස් දක්වමින් ආණ්ඩුව, පක්ෂ ගණනාවකින් සැදුම්ලත් බැවින් ඒ පක්ෂ නායකයන්ට අදහස් පළ කිරීමට අවස්ථාවක් දිය යුතු බව පවසා ඇත.

මෙම අවස්ථාවේදී නිමල් සිරිපාල නැගී සිටිමින් 20 වැනි සංශෝධනය සම්බන්ධ ප‍්‍රසාදයෙන් අදහස් පළ කිරීමට පටන් ගෙන තිබේ. එහිදී නැගී සිටි විමල් වීරවංශ ආවේගයෙන් පවසා ඇත්තේ “තක්කඩිෙයක්! මේ මිනිහා තක්කඩියෙක් විශ්වාස කරන්න බැරි කෙනෙක්” යනුවෙනි. ඔහු තවදුරටත් පවසා ඇත්තේ “ජනාධිපතිතුමනි, මේ මිනිහා පාර්ලිමේන්තුවෙදි මට ප්‍රශංසා කළා විමල් ඔයා නම් ගේ‍්‍රට් කිව්වා. දැන් මෙතන ඇවිත් 20 වැනි සංශෝධනය ගැන වර්ණනා කරනවා. මේ වගේ අය ගැන පරිස්සම් වෙන්න.” යනුවෙනි. අැමති නිමල්ට තක්කඩියා යැයි අැමතීම වැරදි බව ඒහිදී අගමැති මහින්ද රාජපක්ෂ ෙපන්වා දී අැත. ඒහිදී මදක් පසුබා ගිය විමල් අවසානෙය් ඒම වචනය පමණක් ඉල්ලා අස්කරගන්නා බව පවසා අැත.

වාසුදේව නානායක්කාර නැගී සිට අදහස් පළ කරන්නට පටන්ගෙන ඇත්තේ අලි සබ්රි විගණන පනතක් අවශ්‍ය නැති බවට කළ ප‍්‍රකාශය විවේචනය කරමිනි. විගණනයක් අවශ්‍ය නැති බව කීම තදින් හෙළා දකිමින් ඔහු පවසා ඇත්තේ රටක විගණන ක‍්‍රියාවලියක් තිබිය යුතු බවය. එසේම අගමැති කාර්යාලය හා ජනාධිපති කාර්යාලය විගණනය කිරීමට බිය විය යුතු ඇයිද යන්න වාසුදේව එහිදී විමසා ඇත. ඉන් අනතුරුව විජේදාස රාජපක්ෂ හා විදුර වික්‍රමනායක විසින්ද 20 වැනි සංශෝධනයට පක්ෂව අදහස් දක්වා ඇත්තේ ජනාධිපතිවරයා සහ ඔහුට පක්ෂපාත අයගේ බාධා කිරීම් හා ගෝෂාව මධ්‍යයේය. කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ මේ කලබැගෑනිය මැද පවසා ඇත්තේ මෙවැනි තත්වයක් මැද සාකච්ඡා කිරීමට නොහැකි නිසා රුස්වීම අවසන් කළ යුතු බවය. එසේ පැය දෙකකට වැඩි කාලයක් තුළ රුස්වීම නවතා දමන්නට සිදුව තිබිණි.
මෙම රැස්වීෙම් හටගත් උනුසුම් වාද විවාද හා බැණ අඬගැසීම් මාධ්‍ය තුළ පළ කිරීම වැළැක්විය යුතු බවට ඒම රැස්වීම අවසානෙය්ම තීරණයක් ගෙන තිබිණි. කෙසේවෙතත් ඇතැම් මාධ්‍ය විසින් මෙම උණුසුම් වාග් ප‍්‍රහාරවලින් කොටස් ප‍්‍රවෘත්ති ලෙස පළකර තිබිණි.