தமிழ்
English
Contact
Tuesday 25th June 2019    
20 සංශෝධනය ගෙන එනවා නම් 2/3ක් ඕන! - ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

20 සංශෝධනය ගෙන එනවා නම් 2/3ක් ඕන! – ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි



ජනතා විමුක්ති පෙරමුණ විසින් විධායක ජනාධිපති ක්‍රමය සම්බන්ධ විවේචන සහිතව ඉදිරිපක් කළ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇතැම් වගන්ති ජනමත විචාරණයකින් සහ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කර ගත යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දැනුම්දී තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය නියෝජ්‍ය කථානායකවරයා විසින් අද(09) පාර්ලිමේන්තුවට දැනුම් දෙන ලදී. ජනතා විමුක්ති පෙරමුණ විසින් ප්‍රකාහ කළේ මහින්ද රාජපක්ෂ ඉදිරියේදී ආණ්ඩුවක් පිහිටුවන්නට සමත් වෙන්නේ නම් මෙම සංශෝධනයෙන් වඩා වාසි හිමිවන ආකාරයෙන් විධායක බලය සහිත අගමැතිධුරයක් යෝජනා කරන බවය. කෙසේවෙතත් මහින්ද රාජපක්ෂ පාර්ශ්වය එම සංශෝධනයට එකගතාවක් පළ කළේ නැත.